නිල නිවසේ සිවිලිම අස්සේ ගංජා පාර්සල් තොගයක් සඟවාගෙන තබාගෙන සිටියේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර මහතාගේ එම නිල නිවස තවදුරටත් සෝදිසි කර විදේශීය රටවල නිෂ්පාදිත විවිධ වර්ගයේ මත්පැන් බෝතල් තිස්හතක් සහ විවිධ පොලිස් ස්ථාන වලින් තෑගි ලෙස ලබාදී තිබූ බව කියන පෙට්ටි (හැම්පර්) දහ අටක් සොයාගත් බව මොණරාගල මූලස්ථාන පොලීසිය පවසයි.
පොලිස් බාරයට ගත් මෙම තෑගි පෙට්ටි මෙම නව වසර උදාවීම නිමිතිකරගෙන ජනවාරි මස පළමුවෙනිදාජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පරිත්‍යාග කළ ඒවා බව පෙනී යන්නේ යැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිළ නිවස පිහිටි භූමියේ තිබී දැව කඳන් 5 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මේවා සියල්ල නඩු භාණ්ඩ වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.










