20 වන සංශෝධනය සදහා කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ පාර්ශ්වය තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත.
එහි ඇති විශේෂත්වය වන්නේ පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවෙසේ පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සිරිසේන මහතා 20 වන සංශෝධනයට සහාය දිය යුතු යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබියදී දයාසිරි-දුමින්ද පාර්ශ්වය මෙම තීන්දුව ගෙන තිබීමය.
එම රැස්වීමෙන් පසුය දයාසිරි- දුමින්ද ඇතුළු පිරිසක් වෙනම හමුවී දින කිහිපයක් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බව පැවසේ.
එහිදී සියලු දුරකතන පවා විසන්ධි කොට මෙම පිරිස සාකච්ජාවට එක්ව තිබූ බවද දැනගන්නට ඇත.
සාකච්ජා අවසානයේ මෙම පිරිස තීන්දු කොට ඇත්තේ සිරිසේන මහතා කුමන තීන්දුවක් ගත්තද 20 වන සංශෝධනයට එරෙහිව කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමටය.
ස්වාධීන කොමිසන් සභා ඇතුළු තවත් වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ සංශෝධන ගෙන ඒමට මෙම පිරිස තීන්දු කර ඇති බවද දැනගන්නට ඇත.