හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැදී සිටින පැජට් පාරේ නිල නිවස යළි පවරා ගන්නා ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
පසුගිය දිනෙක අගමැතිවරයා මුණ ගැසී ඇති නිල නිවාස අහිමිව සිටින ඇමැතිවරුන් පිරිසක් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව පැවසේ.
දැනට අගමැතිවරයා භාවිතා කරනුයේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා පාවිච්චි කළ නිල නිවෙස බවත්, එය දෙවතාවක් ජනාධිපති ධූරය දැරූ අයකුට සුදුසු ස්ථානයක් නොවන බවත් මෙම ඇමැතිවරුන්ගේ අදහස වී තිබේ.
කෙසේවෙතත් අගමැතිවරයා ඊට එතරම් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද දැනගන්නට ඇත.