කොවිඩ් 19 වයිරස ආසාදිතයන් ඊයේ (11) දිනද 2530ක් ලෙස වාර්තා වී තිබිණ.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 131,060 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 23ක්ද ඊයේ (11) දිනයේදී වාර්තා විය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගියේය.
රත්මලාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්,
පොළොන්නරුව ප්‍රදේශයේ 61 හැවිරිදි පිරිමියෙක් සහ 65 හැවිරිදි පිරිමි අයෙක්,
පිළිමතලාව ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක්,
පතන ප්‍රදේශයේ 79 හැවිරිදි පිරිමි අයෙක්,
තලවකැලේ පදිංචි 57 හැවිරිදි පිරිමි අයෙක්,
හල්ග්‍රනොය ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්,
මාතලේ ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, 63 හැවිරිදි පිරිමියෙක් සහ 85 හැවිරිදි කන්තාවක්,
ඇල්කඩුව ප්‍රදේශයේ 82 හැවිරිදි කාන්තාවක්,
මඩුල්කැලේ ප්‍රදේශයේ 57 හැවිරිදි කාන්තාවක් සහ 64 හැවිරිදි පිරිමියෙක්,
මැණික්හින්න ප්‍රදේශයේ 58 හැවිරිදි පිරිමි අයෙක්,
මාතර ප්‍රදේශයේ 77 හැවිරිදි පිරිමි අයෙක්,
තල්ගස්වල ප්‍රදේශයේ 76 හැවිරිදි පිරිමි අයෙක්,
මොරොන්තුඩුව පදිංචි 46 හැවිරිදි පිරිමි අයෙක්,
මහරගම 49 හැවිරිදි කාන්තාවක්,
හල්තොට ප්‍රදේශයේ 77 හැවිරිදි අයෙක්,
වස්කඩුව ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමියෙක්,
කැලණිය ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි අයෙක්,
මොරටුව ප්‍රදේශයේ 79 හැවිරිදි පිරිමි අයෙක්
පානදුර ප්‍රදේශයේ 57 වියැති කාන්තාවක් මියගිය අය අතර වෙති.










