තවත් දේශීය ප්‍රධාන ඇඟළුම් කම්හලක් වන’ හෙළ ක්ලොතින්’ ආයතනයේ සේවකයෙකු හටත් කොරෝනා ආසාදනය වී ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එම ආයතනයේ තිහාරිය ප්‍රදේශයේ ඇති කම්හලේ සිටි සේවකයෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත.
අදාළ සේවකයා අවසන් වරට සේවය සඳහා පැමිණ තිබෙන්නේ ඉකුත් ඔක්තෝබර් 02 වනදා බව එම නිවේදනයේ සඳහන් වන අතර ඔහු ඇසුරු කළ සියලු දෙනා හා කාර්යාල සාමාජිකයින් මේ වනවිට PCR පරීක්ෂාවට භාජනය කර ඇති බවද දැනගන්නට ඇත.











