දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 96වන ජන්ම දිනය නිමිති කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතිය හරහා තවත් රෝහල් උපකරණ පරිත්‍යාගයක් සිදුකෙරේ.
ඒ අනුව ජනසුවය හරහා සිදුකරන සමාජ සත්කාර වැඩසටහනෙහි අටවන පියවර මෙය වන අතර මිලියන 5.2ක් වටිනා Fully Automated 5P-ART Haematology Analyzer යන්ත්‍ර 1 හා Immiuno Analyzer යන්ත්‍ර 1 යන අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කෙරේ.
මීට පෙර ‘ජනසුවය’ ව්‍යාපෘතිය හරහා පියවර හතක් ක්‍රියාත්මක වූ අතර සුවහසක් රෝගීන්ගේ සෞඛ්‍යමය සුරක්ෂිතභාවය උදෙසා මේ වනවිට රු.15,975,000 පමණ වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ ජනසුවය හරහා පරිත්‍යාග කර තිබේ.










