මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කොට ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළේ විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ එම ධුරය සඳහා පත් කොට ඇති බවයි.
පරිපාලන බලතල ක්‍රියාත්මක කිරිමේදී රාජ්‍ය නිලධාරින් වෙතින් වගකීම් පැහැර හැරිමක් හෝ සීමාව ඉක්මවා ක්‍රියා කිරිමක් සිදුව තිබේනම් හා ඉන් මහජනයාට අපහසුතාවයක් හෝ පීඩාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා විසඳුම් දීම ඕම්බුස්මන් කාර්යාලය ස්ථාපනය කිරිමේ පරමාර්ථය වේ.
මෙම කාර්යාලය කොළඹ 01, ජනාධිපති මාවතේ පිහිටි පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ 03 වැනි මහලේ පිහිටා ඇත.
එහිදී ජනතාවට පෞද්ගලිකව සිය දුක් ගැනිවිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව සලසා දී ඇත.
එසේත් නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට තැපැල් මගින්ද, 011-2338073 ෆැක්ස් අංකය හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ සිය පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව ඇත.










