ශ්රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හදිසියේම පාර්ලිමේන්තුවට ගොස් ආණ්ඩුවේ ස්වාධීන මන්ත්රී කණ්ඩායම මුණ ගැසී සාකච්ජා පවත්වා ඇති බව වාර්තා වේ.
මෙහිදී රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සහ එහිදී චීනයට රටට සහාය දිය හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇති බව දැනගන්නට ඇත.
මීට ස්වාධීන මන්ත්රී කණ්ඩායමේ මන්ත්රීවරුන් 7 දෙනකු සහභාගී වී සිටියහ.