• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

November 10, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පසුගිය වසර ගණනාවක් පුරා ඇමෙරිකාව ලෝකයේ විවිධ යුද්ධයන් සඳහා අතිවිශාල මුදලක් වැය කළා. යුක්රේනයේ යුද්ධය සඳහාද ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වැය කළා. මේ මුදල් ඇමෙරිකානු ජනතාව සතු ධනයයි. ඒත් සමගම යුද්ධයෙන් මිනිස් ජීවිත, දේපළ දහස් ගණනින් විනාශ වුණා. මේ කුරිරු යුද්ධය නවතා දැමීමට මට හැකි සෑම අයුරකින්ම කටයුතු කරන බවට පොරොන්දු වෙනවා. ඉදිරියේ මගේ පාලන කාලය තුළදී මම එය සිදුකරනවා. අපි අපේ ඇමෙරිකානු හමුදාවන් ශක්තිමත් කළ යුතුයි. එහෙත් කිසිදු තේරුමක් නැති ආකාරයට වෙනත් රටවල් පැටලී සිටින යුද්ධයන්ට අපි අපේ මුදල් විනාශ නොකළ යුතුයි. ඇමෙරිකාව විසින් යුද්ධයට සහ වෙනත් අහේතුක වියදම්වලට වැයකරන මුදල් නවතා දැමුවහොත් වසරකට ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 2කට අධික මුදල් ඉතිරි කරගත හැකියි. මෙය කෙතරම් ධනස්කන්ධයක්ද? ඒ මුදල් ජනතාවගේ සුබසාධනයට යෙදවිය හැකියි…’ (Sri Lanka Latest News)

කුරිරු බියකරු යුද්ධය ගැන මෙලෙස ඇසෙන කතාන්දරය කුමක්ද? මෙම හරවත් වදන් කියා සිටින්නේ කවරකු විසින්ද? මෙයට දින කිහිපයකට පෙර මෙම වතගොත කියා සිටියේ එක්තරා සුවිශේෂ මිනිසකු විසිනි. ලෝකය බොහෝ හොඳින් හඳුනන ඔහු නමින් ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්ය. කෙටි නාමයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙසින් හඳුන්වන ඔහු, මෙයට දින කිහිපයකට පෙරදී තමාගේ ජීවිතයේ මහා ජයග්‍රාහී කඩඉමක් කරා පැමිණියේය. ඒ, ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීම සනිටුහන් කරමිනි. පසුගියදා නිමාවට පත්වූ 2024 ජනාධිපතිවරණයෙන් අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. ඒ අතරම ඩොනල්ඩ් ට්‍රම්ප් මෙයට පෙර ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙසටද කටයුතු කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් දැනට 78 වැනි වියෙහි පසුවන ඉතා පරිණත දේශපාලකයෙකි. එමෙන්ම ඔහු දේශපාලනයට අමතරව ඉතා කාර්යශූර ව්‍යාපාරිකයකු ලෙසද දශක ගණනක් සාර්ථකව කටයුතු කළේය. මේ නිසාම ඔහු විශාල වත්කමක් ඇති ධනකුවේරයකු ලෙසද ප්‍රකටය. තමන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ව්‍යාපාර ලෝකයෙන් ඈත්වී කටයුතු කිරීමට වගබලාගනී. මෙවර 2024 ජනාධිපතිවරණය අතිශයින්ම උණුසුම් ආකාරයෙන් පැවැති අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය දැරූ කමලා හැරිස්ය. ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් මෙවර ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වූ විට ඇයට එම අපේක්ෂකත්වය හිමිවිය. ඉන්දියානු සහ අප්‍රිකානු සම්භවයක් ඇති කමලා හැරිස්ද මෙවර 2024 ජනාධිපතිවරණයේදී ප්‍රබල තරගකාරියක වූ අතර, බොහෝ ඇමෙරිකානුවන් විශ්වාස කළේ ඇය මැතිවරණය දිනන බවය. එහෙත් ඒ සියලු බාධක බිඳදමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය.

දැන් අප එසේනම් මෙම කතාවේ ආපස්සට හැරී බලමු. මෙම ලිපියේ ඔබට මුලින්ම ලියා තැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ යුද්ධයේ ආදීනව ගැන වූ වදන් ඔහු ප්‍රකාශ කර සිටියේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු සිදුකළ මංගල කතාවේදීය. ඔහු මුළුමහත් ඇමෙරිකානුවන් සහ ලෝකවාසී ජනතාව ආමන්ත්‍රණය කරමින් එම කතාව සිදුකළේය. එම සුවිශේෂ කතාවේ තවත් වතගොත සොයා බලමු.

‘මෙය මෙතෙක් ඇමෙරිකාවේ පැවැති ශ්‍රේෂ්ඨතම සහ විශාලතම දේශපාලන ව්‍යාපාරය ලෙස මම විශ්වාස කරමි. මෙම මහා ජයග්‍රහණය තුළින් අපි අපේ රට සුවපත් කිරීමට කටයුතු කරන්නෙමු. කිසිවකු නොසිතූ බාධා අද අප විසින් ජයගත් අතර, අදහාගත නොහැකි දේශපාලන අරමුණක් අප අත්පත් කරගෙන තිබෙනවා. ඔබගේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස මෙවරත් මින් පෙර 45 වැනි ජනාධිපතිවරයා ලෙසත් තේරීපත්වීමේ අසාමාන්‍ය ගෞරවය වෙනුවෙන් මට ඇමෙරිකානු ජනතාවට ස්තුති කිරීමට අවශ්‍යයි. සෑම පුරවැසියකුටම එනම් ඔබ වෙනුවෙන් ඔබේ පවුල සහ ඔබේ අනාගතය වෙනුවෙන් මම සටන් කරමි. මගේ ශරීරයේ සෑම හුස්මක් සමගම මම ඔබ වෙනුවෙන් සටන් කරන්නෙමි. අපේ දරුවන්ට ලැබිය යුතු සහ ඔබට ලැබිය යුතු ශක්තිමත්, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඇමෙරිකාවක් ලබාදෙන තුරු මම විවේක නොගනිමි. මෙය සැබැවින්ම ඇමෙරිකාවේ ස්වර්ණමය යුගය වනු ඇත. මෙය ඇමෙරිකානු ජනතාව ලද විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර, එය ඇමෙරිකාව නැවත ශ්‍රේෂ්ඨ කිරීමට ඉඩ සලසයි. ඇමෙරිකාව අපට පෙර නොවූ විරූ සහ බලගතු වරමක් ලබාදී ඇත. අපි සැම එක්වෙලා අලුත් ඇමෙරිකාවක් හදමු…’

මේ ආකාරයට ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සුවිශේෂ මංගල කතාවක් සිදුකර ඇත. ඔහු මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ කොට්ඨාස 277ක ජයග්‍රහණයක් ලබාගත් අතර, ප්‍රතිවාදියා වූ කමලා හැරිස් ලබාගත්තේ මැතිවරණ කොට්ඨාස 224ක් පමණි. ඡන්ද කොට්ඨාස 270ක බහුතර බලයක් ජයග්‍රහණය සඳහා ලබාගත යුතු අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඡන්ද කොට්ඨාස 277ක බලයක් ලබා තිබිණි. එය නියමිත සංඛ්‍යාවට වඩා තවත් කොට්ඨාස 4කද වැඩි වීමකි. එfිස්ම කමලා හැරිස්ට වඩා කොට්ඨාස 53කද වැඩිවීමකි. මේ ආකාරයට බලන විට ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇත්තේ අතිශය විශිෂ්ට ජයග්‍රහණයකි. මෙහිදී ලෝක දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ජයග්‍රහණය ඇමෙරිකානු දේශපාලනයේ ස්වර්ණමය සිහිවටනයක් වනු ඇති බවයි. එසේම වාර්තාවක්ද වනු ඇති බවයි. මෙම ජයග්‍රහණය ප්‍රතිශතයක් ලෙස ගත්කල කමලා හැරිස්ට 47.57%ක ඡන්ද ප්‍රතිශතයක්ද, ඩොනල්ඩ් ට්‍රම්ප්ට 50.92%ක ඡන්ද ප්‍රතිශතයක්ද හිමිවී ඇත. පරාජයට පත්වූ කමලා හැරිස්ද බොහෝ ප්‍රබල ඡන්ද ව්‍යාපාරයක් සිදුකළේය. ඇය ඉන්දීය හා අප්‍රිකානු සම්භවයක් ඇති කාන්තාවක් හෙයින්, ඇයට කළු සහ ආසියාතිකයන් විශාල වශයෙන් සහයෝගය දැක්වීය. එසේම භේදයකින් තොරව විශාල කාන්තා ප්‍රතිශතයක ඡන්ද පවා ඇයට ලැබිණි. එහෙත් වත්මන් ඇමෙරිකානු රජය යුද්ධයේ අර්බුද රැසකට සහාය දක්වමින් සිටින හෙයින් ජනතාව එම මතය ප්‍රතික්ෂේප කළහ. ඇමෙරිකානු ජනතාවගේ සුබසිද්ධියට වඩා යුද්ධය සඳහා වත්මන් රජය ධනය වැය කරන්නේ යැයි ජනතාව චෝදනා කළහ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 47 වැනි නව ජනාධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරන්නේ ලබන 2025 ජනවාරි 20 වැනිදාය. එතෙක් වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපති තනතුරෙහි කටයුතු කරනු ඇතිය. මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය අතිසාර්ථකව ජයග්‍රහණය කිරීමට ඔහුගේ ප්‍රතිපත්ති කිහිපයක්ම හේතු සාධක විය. එනම් එම මතිමතාන්තර ජනතාව විසින් අවධානයට යොමු කළහ. එම ප්‍රතිපත්ති මොනවාද?

★ පසුගිය දරුණු කොවිඩ් වසංගත සමයෙහි සහ එම කාලයෙහිම උද්ගතවූ ආර්ථික අර්බුදය සමයේදී ඇමෙරිකානු ජනතාව වෙත මූල්‍ය ආධාර සහ වෙනත් අවශ්‍යතා සැලසීමට මුල් වීම. එවිටද ඔහු ජනාධිපති ධුරය දැරීය.
★ සතුරු බලවේග පෙන්වූ රටවල් සමග මිත්‍රශීලීව සහ හිතවත්ව කටයුතු කිරීම. නිදර්ශනයක් ලෙස ප්‍රබල සමාජවාදී රටක් වන උතුරු කොරියාව සමග හිතවත් වීම. උතුරු කොරියානු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීම.
★ අහේතුක ලෙස අනෙක් විදෙස් රටවල් සමග යුද්ධයන්ට පැටලීමෙන් වැළකී සිටීම සහ උපරිම අයුරින් එම රටවලට මිත්‍රත්වයේ හස්තය දිගු කිරීම.
★ විදෙස් සංක්‍රමණිකයන් සඳහා දැඩි නීතිමය ක්‍රමවේදයක් අනුගමනය කිරීම. මෙවර ඔහුගේ තවත් පොරොන්දුවක් වන්නේ ලේඛන නොමැති සංක්‍රමණිකයන් ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමට තීරණය කිරීමය.
★ දේශගුණික රෙගුලාසි කපාහැරීම. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙර සමයේදී මෙන්ම මෙවරද ඔහු එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පොරාන්දු වී ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කැබිනට් ඇමැතිවරු හිරේ යවපු – බාල බෙහෙත් වංචාව මුලින්ම රටට හෙළිකරපු – තංගල්ලේ ඉපදිලා සජබෙන් කොළඹ අල්ලන්න යන විශේෂඥ දොස්තර මහත්තයා! Sri Lanka Latest News

Next Post

මහජන මුදල් ගිල්ල රාජගිරියේ කෘෂිකර්ම ගොඩනැගිල්ල! අලුත් ආණ්ඩුවෙන්වත් මේ ගැන හොයමුද? Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.