• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් ඇමැතිවරු හිරේ යවපු – බාල බෙහෙත් වංචාව මුලින්ම රටට හෙළිකරපු – තංගල්ලේ ඉපදිලා සජබෙන් කොළඹ අල්ලන්න යන විශේෂඥ දොස්තර මහත්තයා! Sri Lanka Latest News

November 10, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
කැබිනට් ඇමැතිවරු හිරේ යවපු – බාල බෙහෙත් වංචාව මුලින්ම රටට හෙළිකරපු – තංගල්ලේ ඉපදිලා සජබෙන් කොළඹ අල්ලන්න යන විශේෂඥ දොස්තර මහත්තයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බාල ඖෂධ නිසා මිනිසුන් දහස් ගණනක් මියයන විට එයට එරෙහිව හඬ නැගූ අතර, ළමා මන්දපෝෂණය නිසා දරුවන් ලක්ෂ ගණනක් එයට ගොදුරුවන විට ඒ ගැනද නිර්භයව හඬ නැගුවේ ඔහුයි. අද වනවිට මේ රටේ සෞඛ්‍ය සේවාවේ බොහෝ ප්‍රශ්න ගැන ජනතාව හමුවේ කරුණු ඉදිරිපත් කරමින් දූෂිත දේශපාලකයන් සහ නිලධාරීන්ට විරුද්ධව අඛණ්ඩව සටන් කළ ඔහු වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සභාපතිවරයා වෙයි. (Sri Lanka Latest News)

ඔහු ජාතික ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වේ යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙද්දී එයට ප්‍රතිවිරුද්ධ මතයක් දරමින් ඔහු සමගි ජන සන්ධාන නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් විය.

දූෂිතයන් තමාගේ යහළුවෙක් නම් ආරක්ෂා කිරීමත්, සතුරෙක් නම් ඔහුට පහර දීමත් යන ක්‍රමය වෙනුවට විනය විමර්ශන සහ විගණනය සහිත රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් තමන් දේශපාලනයට පැමිණි බව ඔහු පවසයි.

වෘත්තීය හා සිවිල් සංවිධාන නායකයන් ලෙස අප පහුගිය කාලයේදී දිගින් දිගටම රටේ සමාජ ප්‍රශ්න ගැන කරුණු සහිතව මතවාද ඉදිරිපත් කළා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය ආණ්ඩු කෙරෙහි විශාල ජන අප්‍රසාදයක් නිර්මාණය වූ අතර මහජනතාව දේශපාලන සංස්කෘතිය තුළ නවතාවයන් බලාපොරොත්තු වුණා. දිගින් දිගටම මාධ්‍ය ඉස්සරහට ඇවිත් පවතින ආණ්ඩුවල වැරදි පවසනවා වෙනුවට දැන් ශක්තිමත් ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කරලා මිනිසුන්ට විසඳුම් ලබාදීම වගකීමක්. එය කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජනයක් අවශ්‍යයි.

ඔබ පැවැසූ ලෙසම අපි කළ සටන්වල ප්‍රතිඵලයක් ලෙස අවුරුදු හැත්තෑහයකට පස්සේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් අමාත්‍යවරයෙක් ස්වකීය වගකීම් පැහැර හැරීම නිසා අත්අඩංගුවට පත්වීමක් සිද්ධ වෙනවා.

මේ රටේ දරුවන් මන්ද පෝෂණයෙන් මියයද්දී ඒ ගැන කරුණු ඉදිරිපත් කිරීම නිසාදෝ පෝෂණය රටේ ජාතික ප්‍රතිපත්තියක් බවට පත්වනවා.
එදා දේශපාලන බලයක් නොමැතිව අප ඒ දේවල් කළත් රට තුළ නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් සකස් වන්න නම් අප පාර්ලිමේන්තුව තුළ එවන් මතවාද ඉදිරිපත් කළ යුතුයි. අප දේශපාලන භේදයකින් තොරව පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන්ගේ අඩුපාඩු පෙන්වා දී ඇති නිසා ඉදිරියටද එම භූමිකාවේ වෙනසක් වන්නේ නෑ.

මොකද ජනතාව මේ වෙලාවේ විශේෂයෙන්ම දක්ෂිණාංශික කඳවුර තුළින් නවක දේශපාලන නායකයන් බලාපොරොත්තු වෙනවා. කාලය එවැන්නකට ආරාධනා කරන විට අප එම වගකීම් භාරගත යුතුයි.

ඒ නිසා අප ජනතාවගේ පැත්තේ සිට, හඬක් නගන්නට බැරි ජනතාව වෙනුවෙන් කතාකරන නිසා අප ඉදිරිපත් කරන ප්‍රකාශ දේශපාලනික වුවත් නැතත් ඒවා සෑම විටම මහජනතාවගේ සුබසෙත සඳහා වනවා.

මේ මොහොතේ වැදගත් වන්නේ අපේ හෘද සාක්ෂියට එකඟව අපේ මතවාදය ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශපාලන වේදිකාවක්. ජාතික ජන බලවේගය එයට අනන්‍ය රාමුවක් තුළ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයක්. එහි සිටින සාමාජිකයන්ට තම තමන්ගේ මතවාද ඔස්සේ නිදහසේ ක්‍රියා කරන්න බැරි බව මගේ විශ්වාසය.

නමුත් සමගි ජන බලවේගය තුළ අපට අපගේ මතවාද සිය රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නත් නිදහසේ අපට අනන්‍ය වූ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නත් අවකාශ තිබෙනවා. එනිසා තවත් පක්ෂයක අනුගාමිකයෙක් වනවාට වඩා ඉදිරිපෙළ නායකයකු වීමට ඇති අවකාශය මා තෝරාගත්තා.

මේ මොහොතේ සමගි ජන සන්ධානය ජනතාවගෙන් වරම ඉල්ලන්නේ ආණ්ඩු පක්ෂයේ බලය ගන්න. දුෂ්කර වුවත් අප එම අභියෝගය ජයගත යුතුයි. අප වැනි නවක දේශපාලකයන් මේ මොහොතේ කරන්නේ දකුණු ඉවුරේ කඳවුර වෙනුවෙන් නව බලකණු ලෙස නැගී සිටීම. විශේෂයෙන්ම පාවන ඡන්දදායකයන් අප වෙත ආකර්ෂණය වෙමින් පවතිනවා. දූෂණ විරෝධී කඳවුරෙන් ඔබ්බට ගොසින් රටේ ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි විෂය පථයන් ගැන ප්‍රායෝගිකව මතවාද ඉදිරිපත් කරන දේශපාලකයකු ලෙස අපට කුමන දේශපාලන කඳවුරක සිට ගත්තත් ජනතා කැමැත්තේ වෙනසක් සිදුව නැති බව පැහැදිලියි.

ඒ නිසා මේ මොහොතේ අප උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව තුළ සිට අපගේ ප්‍රතිපත්ති වඩා ප්‍රායෝගික තලයකට ගෙන ඒම.
නිදසුනක් වශයෙන් බාල ඖෂධ ගැන නිසි ප්‍රතිපත්තියක් සකස් නොකළොත් ලබන අවුරුද්දෙත් බාල ඖෂධ නිසා මිනිස්සු මැරේවි. ඒ ගැන ප්‍රායෝගික අවබෝධයක් ඇති මා වැන්නකු දේශපාලනයේ සිට එම මතවාද වෙනුවෙන් පෙනීසිටිය යුත්තේ ඒ නිසා.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් නැති, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නැති රටක්. අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය මේ වන විට බරපතළ අර්බුදයකට ගමන් කරනවා. දැන් ඒවාට අවශ්‍ය පාර්ලිමේන්තුමය ප්‍රතිපත්ති හරහා දූෂිත දේශපාලනවාදය නතර කොට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පිහිටුවීම. එවැන්නක් කළ හැක්කේ දේශපාලනික බලයක් සහිතව පමණයි.

විනය විමර්ශනය සහ විගණනය සහිත රටක් වෙනුවෙන් අප අනිවාර්යයෙන් පෙනී සිටිනවා. අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපති ධුරය යටතේ එවැනි නීති ක්‍රියාත්මක වනවිට අප ඉදිරිපෙළ සිට ඔහුට සහයෝගය ලබාදෙනවා. නමුත් දේශපාලනයේ ප්‍රධානම පදනම වන්නේ බලය ලබාගැනීම. දැන් අප උත්සාහ කරන්නේ අප නියෝජනය කරන කඳවුරට බලය ලබාගැනීම. ඒ හරහා පමණයි අපට සක්‍රීය ලෙස ජනතාව වෙත අපගේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵල ලබාදිය හැක්කේ.

රට තුළ ඖෂධ හිඟයක් ඇතිවන බව අප ප්‍රකාශ කොට ඇත්තේ සාක්ෂි සහිතවයි. ඖෂධ ඇස්තමේන්තු සකස් කිරීම ඇණවුම් ලබාදීම ප්‍රසම්පාදනය ඖෂධ ලියාපදිංචිය යන සියලු කටයුතු අඩපණව ඇති විටෙක ඖෂධ හිඟයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්.

අප බාල ඖෂධ ගැන පවසන විටත් බොහෝ දෙනා හිතුවේ එය දේශපාලනික ප්‍රකාශ ලෙස. එහෙත් අවසානයේ අධිකරණය හමුවේ පවා ඒවා සනාථ වූවා.
මා සෑම විටම කරුණු ඉදිරිපත් කරන්නේ විද්‍යාත්මක සාක්ෂි මත. එනිසා ඒවා ජනතාව වෙනුවෙන් බලධාරීන්ගේ ඇස් ඇරවීම සඳහා සිදුකරන ප්‍රකාශ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සම්බන්ධ දත්ත පද්ධතිය පරීක්ෂා කළ විට ලබන වසරේ එන ඖෂධ හිඟය ඉතා පැහැදිලියි.

මේ ඉතා වැදගත් ප්‍රශ්නයක් බොහෝ දේශපාලකයන් මෙවර මැතිවරණ වේදිකාවලදී කතා කරන්නේ මොනවාදැයි මටවත් පැහැදිලි නෑ.
මේක පාර්ලිමේන්තු මැතිවරණයක්. සෑම අපේක්ෂකයකුටම තමාගේ දිස්ත්‍රික්කය ගැන අවබෝධයක් තිබිය යුතුයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍රගත අධ්‍යාපන සෞඛ්‍ය මහාමාර්ග ඇතුළු ප්‍රශ්න ගණනාවක් පවතිනවා. ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් දුප්පත්කමින් පීඩා විඳින අතර මන්දපෝෂණය, නිරක්තිය වැනි රෝගී තත්ත්වයන්වලට ගොදුරු වී පවතිනවා. ආර්ථික අර්බුදය නිසා බොහෝ දරුවන් පාසල් නොයන අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය පහත වැටී පවතිනවා.

මේ සියලු ප්‍රශ්න සඳහා ඉතා පැහැදිලි දේශපාලන නායකත්වයක් යටතේ ප්‍රායෝගික විසඳුම් ලබාදිය යුතුයි. මේවා මිල අධික යෝජනා නොවේ. අවශ්‍ය වන්නේ ජනතාව සවිබල ගැන්වීම සඳහා වන ව්‍යාපෘති පමණයි. අලස දේශපාලකයන් සහ නිලධාරීන් විසින් ජනතාව දුප්පත් කොට තිබෙනවා.

එනිසා නිවැරදි දේශපාලන නායකත්වයක් දිස්ත්‍රික්කයට ලද විට ඔවුන්ගේ ප්‍රශ්න විසඳීම ඉතා පහසුයි. කොළඹ නගරයේ වැස්සට යටවීම, අධික මාර්ග තදබදය, පැල්පත් සහ තට්ටු නිවාස ආදියට පවා පහසුවෙන් විසඳුම් ලබාදිය හැකියි. කාලාන්තරයක් තිස්සේ දේශපාලකයන් ප්‍රශ්න විසඳීම වෙනුවට ප්‍රශ්න පවත්වාගෙන යාම නිසා ජනතාව වඩ වඩා දුප්පත් වී සිටිනවා.

මා නියෝජනය කරන රත්මලාන කලාපය ගත්විට එහි ගුවන් තොටුපළ, දුම්රිය අංගණ, වෙරළ තීරය සහ කාර්මික ජනපදය දශක ගණනාවකින් දියුණු වී නෑ. යාබද මොරටුව විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව තාක්ෂණික නගරයක් ඇති කළ හැකියි.

ඒ සියල්ලම අනිවාර්යයෙන්ම ඉෂ්ට කළ හැකි ප්‍රායෝගික යෝජනා.
මෙවර මහ මැතිවරණයේදී ජනතාව සෑම දේශපාලන පක්ෂයකින්ම දේශපාලන සාක්ෂරතාව සහිත නවක පුද්ගලයන් තෝරාගැනීම අනිවාර්යයෙන් සිදුකරනවා. පාවෙන ඡන්දදායකයන් සහ වෘත්තීයවේදීන් ද පාක්ෂිකයන්ගේද ප්‍රාර්ථනාවද එයයි. එවන් පදනමක් තුළ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමට හැකි වැඩිම සම්භාවිතාවක් සහ ජනතාව බලාපොරොත්තු වන ලක්‍ෂණවලින් සමන්විත අපේක්ෂකයකු ලෙස මට ඉහළ ජයග්‍රහණයක් අත්පත්විය හැකි බව විශ්වාස කරනවා.

මා පරාජයට පත් කළොත් එය ජනතාවගේ පරාජයක්. මැතිවරණයක ජය පරාජය මත දේශපාලනඥයකුගේ ඉරණම අවසන් වන්නේ නෑ.
දේශපාලනය ලෝකයේ කුමන රටක වුවත් අභියෝගාත්මකයි. ඇමෙරිකාවේ ඒබ්‍රහම් ලින්කන් පවා ජනතාව වෙනුවෙන් කෙතරම් පෙනී සිටියත් අවසානයේදී ඝාතනයට ලක්වුණා.

දේශපාලන සංස්කෘතිය අලුත් අත්දැකීමක් එය දැන් අවබෝධ කරගනිමින් යනවා.
කෙසේ වුවත් දූෂිත දේශපාලකයන්ට එරෙහි සටන නතර වන්නේ නෑ.

මහජනතාව එම සටන් ශක්තිමත් කරන්න ජනතා පරමාධිපත්‍යය ලබාදෙනු ඇතැයි විශ්වාස කරනවා.
තංගල්ල වගේ පළාතක ඉපදිලා වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා විශේෂඥ වෛද්‍යවරයකු හා ආචාර්ය උපාධිය ඇති වෘත්තීයවේදියකු බවට පත් වූ මම විශාල අභියෝගයක් ගෙන කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන විට දක්ෂිණාංශික දේශපාලන කඳවුර නව නායකයන් සොයන මේ අවස්ථාවේදී මේ රටේ අනාගතය වෙනුවෙන් ජනතාව කදිම ආයෝජනයක් සිදුකරමින් ඔවුන්ගේ වැඩිම මනාපය මට ලබාදෙනු ඇතැයි විශ්වාස කරනවා.

එය පුද්ගලිකව මට ලබාදෙන ඡන්දයක් නොව මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා දේශපාලකයකු බිහිකිරීම සඳහා ලබාදෙන ආයෝජනයක් ලෙස මට පෙන්වාදිය හැකියි.

මේ මොහොතේ බොහෝ දේශපාලකයන් යල් පැනගිය දේශපාලන කතා පැවැත්වීමෙන් ඔබ්බට ජනතාව වෙත ප්‍රතිපත්ති හෝ ප්‍රායෝගිකව රටේ පවතින ප්‍රශ්න ගැන කතාකරන බව පෙනෙන්නට නෑ.

දැන් ජනතාවට අවශ්‍ය කතාකරුවන් නොවේ වැඩකරුවන්.
අප දශක ගණනාවක් සිවිල් නායකයන් ලෙස ජනතාව වෙනුවෙන් විශාල ප්‍රතිලාභ ලබාදුන් පුද්ගලයන්.

දුප්පත් පවුල්වල ඉපදිලා සාමාන්‍ය මහජනතාව අනුව ජීවත් වෙලා අදටත් සාමාන්‍ය මහජනතාව සමග උරෙනුර ගැටී ජීවත්වන පුද්ගලයකු ලෙස පවතින ප්‍රශ්නවලට ප්‍රායෝගික ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා ඉහළ ශක්‍යතාවක් මට ඇතැයි මා විශ්වාස කරනවා.

SendShareShare
Previous Post

කාගම සිරිනන්ද හිමි ජනපති අනුරට දුන් අවවාදය! ”පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ” අනුර කුමාර මහත්තයටත් ඕකම තමයි! Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.