කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ තරග වදින ජේ.සී.අලවතුවල මහතා ඊයේ (17) දිනයේදී වේදිකාවේ කතා කරමින් සිටියදී අත්වරැද්දක් සිදූවනු දැක ගත හැකි විය.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවීම සදහා සමගි ජන බලවේගයේ ‘දුරකතනය’ ඉදිරියෙන් කතිරය ගසන්න යැයි කීමට යාමේදී අලවතුවල මහතාට කියවුණේ සජිත් අගමැති කරවීම සදහා ‘අලියා’ ඉදිරියේ කතිරය ගසන ලෙසටය.
හිතවතකු විසින් ඒ බව අලවතුවල මහතාට දැනුම් දීමෙන් අනතුරුව එය ඒ මොහොතේම නිවැරදි කිරීමට ඒ මහතා කටයුතු කළද හිරු-දෙරණ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයන්හිදී මෙම අත්වැරැද්ද ඉස්මතු කොට පෙන්වීමට කටයුතු කර තිබිණ.
අලවතුවල මහතා මෙවර කුරුණෑගලින් දුරකතනය ලකුණින් අංක 7 යටතේ තරග වදී.










