එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ ලංකාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීම ලංකා වේලාවෙන් අද (23) පස්වරු 1.30ට පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් ලංකාව සම්බන්ධයෙන් වන මෙම යෝජනාව මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබේ.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ දැනට මතුව ඇති තත්ත්වය තුළ ජන්ද විමසීමේදී ලංකාවට අවාසි සහගත තත්ත්වයක් උද්ගත විය හැකි බවකි.










