• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික කොඩියේ වැරැද්දට දයාසිරි ජාතියෙන් සමාව ඉල්ලයි

November 2, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
දයාසිරිගේ සිංහ කොඩියට හිටපු ආණ්ඩුකාරගේ විරෝධය
Share on WhatsAppShare on Facebook

සිය අමාත්‍යංශය හා යම් යම් ආයතන එක්ව ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී වරදක් අඩුපාඩුවක් වී ඇත්නම් එහි වගකීම තමන්ගේ බවත්, වැරැදි අඩුපාඩු නිවැරැදි කරගනිමින්, වැටි වැටී හෝ අපි ඉදිරියටම යා යුතු බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර ඇත.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා තිබේ.

බතික් රෙදිවලින් මුද්‍රණය කරන ලද ජාතික කොඩියේ ඇති සිංහයාගේ අත දැරි අසිපත වැරදි අයුරින් අල්ලා ගෙන සිටීම නිසා මෙරට සමාජ මාධ්‍ය තුළ එල්ලවූ දැඩි විරෝධය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා තිබේ.

එම සටහන මෙසේය.

” ආයුබෝවන්!

නිදහස ලබා දශක ගණනක් ගියත්, ලංකාවේ නිදහස් දාට ඔසවන ජාතික කොඩිය පවා විදේශයන්ගෙන් ආනයනය කරන රටක් තමයි, වර්ෂ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අප බාරගත්තේ. අප සමරන නිදහස සංකේතාත්මක ව හෝ අර්ථවත් කරනු පිණිස, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මෙතෙක් චීනයෙන් ආනයනය කරණු ලැබූ සිංහ කොඩිය වෙනුවට “ස්වදේශීය බතික් කර්මාන්ත කරුවන් ගේ නිර්මාණයක් වූ” ජාතික කොඩියක් හා බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීමට අප විසින් පසුගිය දා පියවර ගනු ලැබුවා.

එහිදී, නුදුරු අනාගතයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන, දේශීය නිර්මාණ කරුවන් විසින් අප වෙත ලබා දුන් ආකෘතීන් කිහිපයක් අතිගරු ජනාධිපති තුමන් වෙත සංකේතාත්මක ව ලබාදුන් අතර එය එතුමන්ගේ මහත් වූ පැසසුමට බඳුන් වුණා.

කෙසේ වෙතත්, මෙහිදී එළිදක්වනු ලැබුවේ ආකෘති කීපයක් මිස අවසාන නිමැවුම නොවෙයි. ඒවා තවමත් ඇත්තේ වැඩි දියුණු කෙරෙමින්. එහිදී අප වෙත ලැබෙන ප්‍රශංසා මෙන් ම විවේචනත් සැලකිල්ලට ගැනීමට අප උදක් ම අපේක්ෂා කරනවා. විශේෂයෙන් ම, සමාජ මාධ්‍යවල මේ පිළිබඳ කතාබහක් ඇති වී ඇති බව අප නිරීක්ෂණය කළා. ඒ සියලු විවේචන, සුහද හදින් යුතු ව අප බාරගන්නා බව මෙහිදී කිවයුතුයි.

ජාතික කොඩියේ සිංහයාගේ ලාංඡනයට සාධාරණයක් වීමට නම්, සිංහ කොඩියේ, සිංහයාගේ ඉදිරි බාහූන්ගෙන් සංඛේතවත් කරන “සම්පත් පරිහරණයේ ඇති නිර්වද්‍යතාවය” අනිවාර්යයෙන් ම තිබිය යුතුයි. එබැවින්, මෙරට මුදල් පිටරටට යෑම නැවැත්වීම උදෙසා, අපේ රටේ නිපදවිය හැකි සියලු දේ මෙරට තුළ ම නිෂ්පාදනය කිරීම සහ එමගින් මෙරට ස්වයංපෝෂිත කිරීම අපේ අරමුණයි. ඒ සඳහා බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමත්‍යාංශයත්, සළුසල ආයතනයත් උපරීම ලෙස සහයෝගය දක්වනවා. එහි තවත් එක ව්‍යාපෘතියක් ලෙසයි, දේශීය ඇඟලුම් හා දේශීය අමුද්‍රව්‍ය වලින් ම නිෂ්පාදිත ජාතික සහ බෞද්ධ කොඩි ජනධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබුවේ.

අපට ලැබෙන අදහස් උදහස් සහ අතිගරු ජනපතිතුමන්ගේ උපදෙස් මත එම ආකෘති වැඩි දියුණු කොට, ආර්ථිකමය නිදහසේ වසර ලෙස අප සලකන, ලබන වසරේ නිදහස් දිනය දා රටට ම හඳුන්වාදීමට අප අදහස් කරනවා. එමෙන් ම එම වසරේ වෙසක් පුන්පොහෝ දිනය නිමිති කරගෙන අපේ රටේ අපේ මිනිසුන්ගේ අතින් නිමැවෙන බෞද්ධ කොඩිය ද එලෙස ම හඳුන්වා දී, මෙරටේම නිෂ්පාදිත ජාතිත කොඩියක් සහ බෞද්ධ කොඩියක් රටට දායාද කිරීම අපේ පරම අභිලාෂය යි.

එපමණක් නොවෙයි. ඊයේ පෙරවරුවේ බිසෝපුර ගම්වැසියෝ, උදෑසන එළඹි සුබ මොහොතින් අත්යන්ත්‍ර භාවිත කරමින් කඨිනය ලෙස පිරිනැමීමට අවශ්‍යය සිවුර මැසීම ආරම්භ කළා. එතැන් පටන් පුරා සතියක් වියනු ලබන තනිපොට සිවුර හත් වෙනිදා, මහ පෙරහැරකින් සෝමාවතී පුද බිමට වැඩම කිරීමට නියමිතයි. එදින ම, එනම් නොවැම්බර් මස හත් වෙනිදා, රාජ්‍ය කඨිණ මහෝත්සවයේදී මෙම කඨීණ චීවරය සාංඝික කෙරෙනු ඇති. ඊට පසු දින, එනම් නොවැම්බර් අට වෙනිදා සංඝයා වහන්සේලා විසින් මසා නිමවන ලද කඨිණ චීවරය, ශාඛානුසාරයෙන් – දේශීය අමු ද්‍රව්‍ය යොදා පඬු පොවනු ලබනවා. ඊට සමගාමී ව, සෝමාවතී පුදබිමේදී, ස්වාමීන් වහන්සේලා පනස් නමකට සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමෙනවා. මේ මහානිසංස – මහත්ඵල පුණ්‍යකර්මය, මින්මතු සෑම වසරක ම, ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති සියලු විහාරස්ථාන ආශ්‍රිතව කපු වගා කරමින්, කපු නූල් කටිමින්, එම කපු නූලින් ම වියන ලද කපු රෙදි භාවිතා කර කඨිණ චීවරය මසා නිමවා, සාංඝික කර, ඉනික්බිති, දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් පඬු පොවීමටත්, එය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමටත් අපේක්ෂිතයි.

ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා අප යාමට තැත්කරන මේ ගමන දුෂ්කරයි, කටුකයි. නමුත් ඒ ගමනේ අවසාන ප්‍රතිඵලය අපේ නිවහල් බව සහ ආර්ථික නිදහසයි. ඒ ගමනේදී අප කරන විවිධ දේවල කුඩා අඩුපාඩු තියෙන්න පුළුවනි. ඒ සියලු වැරදි අඩුපාඩුවල වගකීම, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා පුද්ගලික ව බාරගන්නවා. නමුත් ඒ සමග ම, මේ මහා ක්‍රියාන්විතය පසුපස සිටින සිය දහස් ගණනක් වූ අපේ ම මිනිසුන්ගේ දහදිය මහන්සියට හිමි ගරුත්වය ඔවුන්ට දීමට අපි කාරුණික වෙමු. එදිනෙදා කතාබහේදී, සමාජ මාධ්‍යවලදී, අපේ මිනිසුන්ගේ මහන්සියෙන් නිපැයෙන අපේ දෙයට ගැරහීමෙන් තොර ව, අපේ දේ ගැන සාඩම්බර වෙන්නැයි මා ඔබෙන් ඉතා නිහතමානී ව ඉල්ලා සිටිනවා.

යළිත් මතක් කරන්නම්, වරදක් අඩුපාඩුවක් වේ නම්, එහි වගකීම මගේ. නමුත් මේ මහා ක්‍රියාන්විතයේ ගෞරවය, ඒ පසුපස සිටි සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ. වැරැදි අඩුපාඩු නිවැරැදි කරගනිමින්, වැටි වැටී හෝ අපි ඉදිරියට ම යා යුතුයි. අපේ ජාතික කොඩියේ සංකේතය අර්ථවත් වන්නේ එවිටයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!”

SendShareShare
Previous Post

දුමින්ද සිල්වාගෙන් නාගත් මනෝ සුමන්තිරන්ට කතා කර උදව් ඉල්ලලා (රාජ්‍ය රහස්)

Next Post

බැසිල් හදපු පොහොට්ටුවට අදට අවුරුදු 4යි

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.