ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කොට අදට (02) සිව් වසරක් පිරේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මීට සිව් වසරකට පෙර නිර්මාණය කරන ලද පොදුජන පෙරමුණ 2018 වසරේදී මැතිවරණ වාර්තාවක් තබමින් පැවැති යහපාලන ආණ්ඩුව පරාජය කොට පළාත් පාලන මැතිවරණයේ අති බහුතර ආයතන සංඛ්‍යාවක් දිනා ගත්තේය.
ඉන් අනතුරුව 2019 වසරේ පැවැති ජනාධිපතිවරණය දිනූ එම පක්ෂය පසුව 2020 පැවැති මහමැතිවරණය තුනෙන් දෙකේ බලයකින් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ සියලු මැතිවරණ වාර්තා උඩුයටිකුරු කරමිනි.
පොදුජන පෙරමුණට සිව් වසරක් පිරීම නිමිත්තෙන් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනය මෙසේය.