• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජයෙන් පසු බැසිල්ගේ පළමු ප්‍රකාශය

August 16, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ජයෙන් පසු බැසිල්ගේ පළමු ප්‍රකාශය
Share on WhatsAppShare on Facebook

2020 මහමැතිවරණයේ දී ජනතාව ලබා දුන් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත දැවැන්ත ජන වරම මෙරට ආර්ථික සංවර්ධනය සඳහා යොදාගත යුතුව ඇතැයි  ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ (Planning Service Association)) නියෝජිතයින් සමඟ අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේ දී ය.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජන වරමක් ලබා දුන් ජනතාව මෙරට සංවර්ධනයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටින බවත්, එම වෙනස උදාකිරීම සඳහා සැලසුම් සේවයට අති විශාල කාර්යභාරයක් පැවරී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙලට තම සංගමයේ දායකත්වය ලබා දීමට කැමැත්තෙන් පසුවන බව පෙන්වාදුන් ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය ඒ සඳහා ආයතනික ව්‍යුහය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළහ. සමස්ත රාජ්‍ය සේවය පිළිබඳවම අවධානය යොමුකර එම ව්‍යුහාත්මක හා පරිපාලනමය වෙනස්කම්  සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීමට කටයුතු කරන බව එහි දී බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සංගමය වෙත දන්වා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ රටේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මෙම ශ්‍රම බලකාය කළමනාකරණය කිරීම සිදු කළ යුතු බවත් ය. විශේෂයෙන්ම මෙරට අධ්‍යාපනය සහ වෘත්තිය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේ දී ශ්‍රම බලකාය අරමුණු කරගත යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදුන්නේය. සංවර්ධනය යන්න යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට විහිදුණු ජනතා සහභාගීත්වය සහිත පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් දක්වා ගමන් කළ යුතුව ඇති බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ඊට අවශ්‍ය විවිධ රාජ්‍ය ආයතන විසින් එකතු කරන දත්ත විශ්ලේෂණය කොට සැලසුම් සකස් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය දත්ත එක්රැස් කර වර්තමාන හා අනාගත අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකි දත්ත සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාව වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

SendShareShare
Previous Post

මහින්දගේ දිවුරුමට චමල් නෑ: ජී.එල්. කතානායකකම ඉල්ලයි (රාජ්‍ය රහස්)

Next Post

රතන හිමිට-ඥානසාර හිමිට අගමැති පොඩි එකක් දෙයි

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.