• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දගේ දිවුරුමට චමල් නෑ: ජී.එල්. කතානායකකම ඉල්ලයි (රාජ්‍ය රහස්)

August 15, 2020
in Exclusive, Rajya Rahas, Uncategorized
Reading Time: 1 min read
A A
මහින්දගේ දිවුරුමට චමල් නෑ: ජී.එල්. කතානායකකම ඉල්ලයි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

අලුත් පාර්ලිමේන්තුවේ කතානායක ධුරය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පසුගිය සතිය වනවිට අර්බූදයක් මතුව තිබිණ. ඉකුත් යහපාලන ආණ්ඩුවේ කතානායක ධුරය දැරූ කරු ජයසූරිය මහතා ඉතා තීරණාත්මක අවස්ථාවලදී හැසිරුණ ආකාරය අනුව කතානායක ධුරය ඉතා ප්‍රබල, බලගතු තනතුරක් වී තිබීම නිසා එම ස්ථානයට ඉතාම විශ්වාසවන්ත පුද්ගලයකු පත් කළ යුතු බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබිණ. ඒ අනුව මුලින්ම කතානායක ධුරයට යෝජනා වූයේ චමල් රාජපක්ෂගේ නමය. චමල් යනු වරක් කතානායක ධුරය දැරීම නිසා අත්දැකීම් සහිත වූවකු වීමද ඊට හේතු වී තිබිණ.

නමුත් එම යෝජනාව පැමිණි වහා චමල් එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණ. පවුලේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් දිගින් දිගටම එම යෝජනාව පැමිණියද චමල් දිගටම කියා සිටියේ තමන්ට නැවැත වතාවක් කතානායක ධුරය දැරිය නොහැකි යැයි කියාය. මහින්ද අගමැති ලෙස දිවුරුම් දීම සඳහා කැලණියේ පැවැති උත්සවයටද චමල් සහභාගි නොවූයේ මේ කතානායක ප්‍රශ්නය නිසා බවටද ඒ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කටකතාවක්ද පැතිර ගොස් තිබිණ. ඒ නිසාම හැමෝම චමල්ට වූයේ කුමක්ද යන්න සොයා බැලීමට උත්සුක වූ ආකාරයක් දැකගත හැකි විය. එවිට සියල්ලන්ටම අනාවරණය වූයේ චමල්ට එම අවස්ථාවට සහභාගි වීමට නොහැකි වී තිබුණේ කකුලේ මතුව තිබූ ආබාධයක් හේතුවෙන් බවය. කෙසේ වෙතත් චමල්ගේ අඩුව ඒ මොහොතේ කැපී පෙනෙන සිදුවීමක් වී තිබිණ.

කෙසේ වෙතත් ඒ වන විටත් කිසිවකුත් නොසිතූ පුද්ගලයකු තමන්ට කතානායක ධුරය ලබාදෙන්නේ නම් එය ඉතා සතුටින් භාරගැනීමට සූදානම් බවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී තිබිණ. ඒ වෙන කවුරුවත් නොව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. නමුත් ඒ වන විට මහින්දගේ පාර්ශ්වයෙන් ජී.එල්.ගේ නම යෝජනා කර තිබුණේ විදේශ අමාත්‍ය ධුරය සඳහාය. ඊට හේතු වී තිබුණේ පසුගිය කාල සීමාවේදී මහින්ද සිදු කළ සියලුම විදේශ සංචාරයන්හිදී මහින්දගේ විශේෂ නියෝජිතයා ලෙස ජී.එල්. කටයුතු කර තිබීමය. එමෙන්ම ලංකාවේදී මහින්ද විදෙස් නියෝජතයන් හමුවූ සෑම අවස්ථාවකදීම ජී.එල්. එහි ප්‍රධාන චරිතයක් බවටද පත්ව තිබිණ. වරක් විදෙස් අමාත්‍ය ධුරය දරා තිබීම නිසාත්, අත්දැකීම් බහුල වූවකු නිසාත් මහින්ද ජී.එල්.ගේ නම ඊට යෝජනා කර තිබුණද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනා වී තිබුණේ ජී.එල්.ගෙන් රටට මීට වඩා වැඩි යමක් ගත හැකි යැයි කියාය. ජනාධිපතිවරයා ජී.එල්.ට අධ්‍යාපන අමාත්‍ය ධුරය භාරදීමට තීන්දු කළේ ඒ අනුවය. පාර්ලිමේන්තුවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨයකු වූ මහින්ද යාපා අබේවර්ධනගේ නම කතානායක ධුරයේ නමට යෝජනා වූයේ ඉන් පසුවය. චමල්ට කැබිනට් අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද ලබාදීමට පසුව ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ඉල්ලපුවා දුන්නේ නෑ: මුස්ලිම් කොංග්‍රසයෙන් සජිත්ට බැනුම්

Next Post

ජයෙන් පසු බැසිල්ගේ පළමු ප්‍රකාශය

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.