පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් මහත්තයා හෙවත් කුමාර් ගුණරත්නම් මහතා අද දිනයේ මාධ්‍ය හමුවක් පවත්වා පවතින දේශපාලන තත්ත්වය පිළිබදව කරුණු දැක්වීමක නිරත විය.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය දිනවල සිදුවූ සිදුවීම් හරහා ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමේ නිරුවත හෙළි වූ බවත්, ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිවරයා බේරාගැනීමට බවත් පෙන්වා දුන්නේය.
එමෙන්ම සමගි ජන බලවේගයද තැටිය වෙනස් කරමින් ජනාධිපතිවරයා සමග ආණ්ඩු නිර්මාණය කිරීමට මේ් අවස්ථාවේ උත්සාහ දරමින් සිටින බවත් ඒ මහතා කීය.










