• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ මිනිසුන්ගේ අරගලය යථාර්තයක් කරන්න ඇමෙරිකානු කොංග්‍රසය ඇතුළේ සටනක් කරන්න හදන කවුද මේ හෝස්ෆෝර්ඩ්…

May 8, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ මිනිසුන්ගේ අරගලය යථාර්තයක් කරන්න ඇමෙරිකානු කොංග්‍රසය ඇතුළේ සටනක් කරන්න හදන කවුද මේ හෝස්ෆෝර්ඩ්…
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනෙක උදය වරුවේ පානදුර පැත්තේ සිට ගාලු පාර දිගේ පැමිණෙන බස් රථයක තරුණ පිරිමි ළමුන් 10ක 12ක කණ්ඩායමක් විය. ඔවුන් කොළඹ කොටුව දෙසට පැමිණෙන ආකාරයක් දක්නට හැකි වූයේ බම්බලපිටියද පසුකරමින් ඉදිරියට ඇදෙන බස් රථය තුළ කෑකෝගසමින් සිටි නිසාවෙනි. ඔවුන්ට මෙම ගාලු පාරේ බොහෝ ස්ථාන ගැන එතරම් පැහැදිලි අවබෝධයක් ඇති බවක්ද පෙනෙන්නට නොතිබිණි. කෙසේ හෝ බම්බලපිටිය පසුකර කොල්ලුපිටිය ආසන්න වන විට පිරිමි ළමුන් හතර පස් දෙනකු බස් රථයේ වැඩිහිටි වයසේ වූ කොන්දොස්තරවරයාට කතාකරමින් කියා සිටියේ ‘අංකල් අපට ගෝඨා ගෝ ගමට යන්න ඕනෑ, ඒත් ඊට ඉස්සර වෙලා හම්බවෙන මයිනා ගෝ ගමින් අපිව බස්සවන්න. අපි එතැන ඉඳලා පයින් යනවා. අපට බහින තැන කියන්න….’ යනුවෙනි. මෙය එක්තරා ආකාරයකින් අපූරු වගතුගකි. දන්න හඳුනන කාලයක් පුරා කොල්ලුපිටිය හන්දිය ලෙසින් හැඳින්වූ ප්‍රදේශය අද හඳුන්වන්නේ ‘මයිනා ගෝ ගම’ ලෙසිනි. එතැන පසුකර කිලෝමීටර් දෙකක් පමණ යන විට හමුවන ‘ගෝල්ෆේස්’ නොහොත් ‘ගාලුමුවදොර’ අද හඳුන්වන්නේ ‘ගෝඨා ගෝ ගම’ ලෙසිනි.

මෙය අපේ රටේ මාසයකටත් අඩු කාලයක් පුරා සිදුවූ මහා පරිවර්තනයකි. අද ශ්‍රී ලංකාවේ දකුණු කොනේ සිට උතුරු කොනට යනකම් දක්නට ඇත්තේ අනේක වර්ගයේ උද්ඝෝෂණයන්ය. අරගලයන්ය. ගෝඨා ගෝ ගම නොහොත් ගෝල්ෆේස් පිටියේදී මෙයට මාසයකට පමණ පෙර ඇරැඹි මහා උද්ඝෝෂණ රැල්ල තවමත් ඒ ආකාරයෙන්ම ගලා යයි. එහෙත් මේ උද්ඝෝෂණ රජයට දැනෙන්නේ ‘බීරි අලින්ට වීණා වයනවා’ සේය. පැය 24 පුරාම රටේ හතරදිග් භාගයෙන්ම උද්ඝෝෂණ, අරගල සිය දහස් ගණනක් තිබුණත් රජය තමන්ගේ සියලු කටයුතු වෙනදා ආකාරයෙන්ම බොහෝ සූක්ෂ්මව සිදුකරගෙන යයි. මෙම මහා උද්ඝෝෂණයන් අතරවාරයේදීම රජය කොපමණ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් අහස උසට ඉහළ දැමුවේද? සහල්, කිරිපිටි, පාන් පිටි, ගෑස්, ඉන්ධන, ඖෂධ, ප්‍රවාහන ගාස්තු මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය සෑම භාණ්ඩයකම මිල දෙතුන් ගුණයකින් ඉහළ ගියේය. ඉතින් මේ උද්ඝෝෂණයන්ගේ ඇති ඵලය කුමක්ද?

අද වත්මන් රජය ජනතාවගේ ලේ බොන්නට සහ රීරිමාංශ උලාකන්නට පැය 24 පුරාම සැදී පැහැදී සිටිති. මේ අතරවාරයේදී මෙම උද්ඝෝෂකයන් ශබ්ද නඟමින් කෑගසන ප්‍රධාන වදනක් වන්නේ ‘තිරිසන් දේශපාලකයනි, උඹලා කොල්ලකාගත් මහජන ධනය ආපසු දීපල්ලා…’ යන්නය. ‘රාජපක්ෂ පවුලම එකතු වෙලා මේ රටේ ධනය, අපේ ධනය සම්පූර්ණයෙන්ම කොල්ලකෑවා’ යනුවෙන්ද ඔවුහු කෑමොර දෙති. ඒ අතර තවත් තැනකින් ඇසෙන්නේ ‘රාජපක්ෂලා ගෙදර යවපල්ලා, හිරේට දමාපල්ලා’ යන උද්වේගකර වදන්ය. මෙවැනි මහා ගිනි ජාලාවක් මේ වන විට රට තුළ බුර බුරා ඇවිළෙමින් ඇත. එවැනි වටපිටාවක් තිබියදී පසුගියදා අසන්නට ලැබුණේ තවත් අපූරු කතාවකි. මේ වගතුග ගලාගෙන එන්නේ ඇමෙරිකාවෙනි. කුමක්ද මේ කතාව?

පසුගියදා ඇමෙරිකාවේ පුවත්පත් කිහිපයක් සහ මෙරට ඉංග්‍රීසි පුවත්පත් දෙක තුනක පළවූයේ අපූරු පුවතකි. එහි ඉංග්‍රීසි බසින් වූ ප්‍රධාන සිරස්තලය මෙසේ විය.

ʻU.S. Congress to probe assets fleecing by US citizens of Sri Lankan originʼ

මෙහි සිංහල අරුත ලෙස ගත හැක්කේ මෙයයි.

‘ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසියන් විසින් කොල්ලකන ලද වත්කම් සහ ධන සම්භාරයන් ගැන සොයාබැලීමට ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය සැරසෙයි…’

මෙය සැබැවින්ම පසුගිය කාලයක් පුරා කෙදිනකවත් අසන්නට නොලැබුණු සුවිශේෂ පුවතකි. ශ්‍රී ලාංකික යම් බලවත් දේශපාලනඥයන් පිළිබඳ විවිධ විදේශ පාර්ශ්ව විසින් වෙනත් අපරාධ චෝදනා ගැන පරීක්ෂණ සිදුකිරීම් ගැන කතාබහක් තිබුණද මේ ආකාරයේ පරීක්ෂණයක් ගැන තොරතුරක් නොවීය. මෙහිදී කියැවෙන ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ලෙසින් සඳහන් කරනු ලබන්නේ පරිපූර්ණ බලතලවලින් සමන්විත වූ ඇමෙරිකානු රාජ්‍ය පරිපාලනයයි. එනම් සරලව ප්‍රකාශ කළහොත් ඇමෙරිකානු රජයයි. එසේ නම් ඇමෙරිකානු රජය මෙසේ සිදුකරන්නට යනු ලබන්නේ කුමක්ද? මෙම ක්‍රියාදාමයේදී දැනට ප්‍රථමයෙන්ම ඉදිරියට පැමිණ ඇත්තේ ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ප්‍රකට සහ ප්‍රවීණ කොංග්‍රස් සභිකයකු (මන්ත්‍රීවරයකු) වන ඇමෙරිකානු ජාතික ස්ටීවන් හෝස්ෆෝර්ඩ් මහතාය. දැනට 49 හැවිරිදි කළු ජාතික ඇමෙරිකානුවකු වන මොහු ඇමෙරිකානු පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නෙවාඩා ප්‍රාන්තය හරහාය. ඔහු මුලින් නෙවාඩා සෙනෙට් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස වසර 04ක් කටයුතු කර පසුව ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ මන්ත්‍රීවරයකු ලෙස 2013 වසරේදී තේරීපත්විය. ඒ අනුව ඔහු දැනට මේ තාක් කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරයි. ඉතා උසස් වියත්භාවයකින් හෙබි ඔහු නෙවාඩා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උපාධිධරයකුද වෙයි.

ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් බලයට ගෙන ඒම සඳහාත් මහත් දේශපාලනික මෙහෙවරක් ඉටුකළ දේශපාලකයකු ලෙස ස්ටීවන් හෝස්ෆෝර්ඩ් හැඳින්විය හැකිය. එනම් හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයෙන් පහකිරීමේ ව්‍යාපාරයේ පුරෝගාමියකු ලෙස ඔහු කටයුතු කළේය. මේ අතර මෙම ප්‍රකට ඇමෙරිකානු මන්ත්‍රීවරයාගේ විශේෂත්වය වන්නේ ඔහු බොහෝ විට ඇමෙරිකාවේ සහ වෙනත් රටවල වෙසෙන කළු සහ වෙනත් සුළු ජාතික ප්‍රජාවන්ගේ කටයුතු ගැන නිරන්තර අවධානය යොමු කිරීමය. මෙහිදී ඔහුගේ එම විෂය පථයේදී ශ්‍රී ලංකාවද ඉදිරියෙන්ම සිටියි. ස්ටීවන් හෝස්ෆෝර්ඩ් මන්ත්‍රීවරයා මේ වන විට ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට අමතරව තවත් රාජ්‍ය කමිටු කිහිපයක්ද නියෝජනය කරයි. ඔහු ප්‍රධානතම කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරන දැනට ඇමෙරිකානු පාර්ලිමේන්තුව තුළ තිබෙන පැරැණිතම රාජ්‍ය කමිටුව (වසර 225ක් පැරැණි) වන The Committee on ways and means (ක්‍රියාමාර්ග සහ වත්කම් පිළිබඳ කමිටුව) මෙහිදී කතාබහට ලක්වී ඇත. එනම් මෙම කමිටුව මගින් ඇමෙරිකාව තුළ සිදුකෙරෙන ආදායම් ඉපැයීම් සහ බදු අයකිරීම් වැනි මූල්‍යමය කටයුතු අධීක්ෂණය කිරීමක් සිදුකරනු ලබයි. දැන් එසේ නම් ශ්‍රී ලංකාවට මෙම වගතුග වැදගත් වන්නේ ඇයි? මෙලෙස ස්ටීවන් හෝස්ෆෝර්ඩ් නමැති මන්ත්‍රීවරයාගේ වගතුග ඔබට පැහැදිලි කර සිටියේ එම කතාවේ ඉතිරිය කියන්නටය.

මෙම කතාවේ නිසි හැරවුම් ලක්ෂ්‍යය වෙත දැන් අපි පැමිණ සිටින්නෙමු. පසුගියදා ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවර වෙසෙන ශ්‍රී ලාකිකයන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනයට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වන ලදී. ඔවුන් එහිදී මෙරට පවතින පාලන ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලමින් එලෙස උද්ඝෝෂණයේ නිරත විය. මෙහිදී අරමුදල්, ආධාර එකතු කිරීමේ රැස්වීමක්ද පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී ඇත්තේ ස්ටීවන් හෝස්ෆෝර්ඩ් මන්ත්‍රීවරයාය. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ශ්‍රී ලාංකික අර්බුදය ගැන ඉතා හොඳින් කරුණු දන්නා බවත්, ඒ තත්ත්වයට විසඳුම් ලබාදීමට තමන්ද ඉදිරිපත් වන බවත්ය. ඔහු එහිදී සිදුකර ඇති කතාව ඉතා සුවිශේෂ, පුවත් මවන එකකි. ඔහුගේ වදනින්ම අප එම කතාව අසා සිටිමු.

‘ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදී සිටින අතිශය දරුණු මූල්‍ය විපත්තිය සහ ආර්ථිකමය වූ බංකොලොත්භාවය ගැන මම හොඳින්ම අවබෝධ කරගෙන තිබෙනවා. මේ තත්ත්වයට රට ඇදගෙන වැටීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මේ වන විට රාජ්‍ය පාලනයේ සිටින තනි බලගතු දේශපාලනික පවුලක් වගකිව යුතුයි. මෙලෙස ශ්‍රී ලංකාවේ ධනය සහ සම්පත් කොල්ලකෑවේ කවුදැයි කියා අප සොයා බැලිය යුතුයි. එසේම ඒ ගැන ලොවට හෙළිදරව් කළ යුතුයි. මෙහිදී ඔබට මම සුවිශේෂ යමක් කිව යුතුයි. මෙලෙස ශ්‍රී ලංකාවේ ධනය සහ සම්පත් කොල්ලකෑමට වගකිව යුත්තන් හෙළිකිරීමට මට ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය සමග කටයුතු කළ හැකියි. ඒ සඳහා යම් නිල යාන්ත්‍රණයක් තිබෙනවා. මෙය ක්‍රියාත්මක කළ හැකි යැයි මා තරයේම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ වත්මන් පරිපාලනයේ ප්‍රධානතම කොටස්කරුවන් වන ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසියන් විසින් මෙසේ ජාතික ධනය සහ විදේශ වත්කම් කොල්ලකෑම ගැන මෙම පුළුල් විමර්ශනය සිදුකිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මම දැනටමත් සැලැස්මක් සකස් කර තිබෙනවා. මම මෙහිදී මුලින්ම ශ්‍රී ලකාවේ වත්මන් තත්ත්වය ගැන ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා දැනුවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදයේ තොරතුරු මා සතුව තිබෙනවා. මෙහිදී මම ප්‍රථමයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ‘උපක්‍රම සහ වත්කම් මූල්‍ය කමිටුව’ වෙත ඉදිරිපත් කිරීමටයි….’

ඉහත ‘උපක්‍රම සහ වත්කම් මූල්‍ය කමිටුව’ ලෙස සිංහල බසින් ලියා තැබූවත්, එම වදන හෝස්ෆෝර්ඩ් මහතාගේ ඉංග්‍රීසි බසින් නම් The Committee on ways and means ලෙසින් ප්‍රකාශ කරන්නට ඇත. කෙසේ හෝ ඔහු මෙම සුවිශේෂ හෙළිදරව් කිරීම තවදුරටත් මෙසේ සිදුකර ඇත.

‘මෙම කොංග්‍රස් විමර්ශනයේ කටයුතු දැන් ආරම්භ කෙරී තිබෙනවා. මෙය සිදුකෙරෙන්නේ ඇමෙරිකානු ෆෙඩරල් නීති බල සීමාව සහ එහි ව්‍යවස්ථාවට අනුවයි. මුදල් විශුද්ධිකරණය සහ වත්කම් පැහැරගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ අධිකරණ බලයක් අපගේ ඉහත කමිටුව සතුව තිබෙනවා. මෙහිදී ඇමෙරිකානු පුරවැසියන් වූ ශ්‍රී ලංකිකයන් ගැන විමර්ශනය කිරීමට ඍජු බලතල ලබාගත හැකියි. මෙම විමර්ශනය දියත් කිරීම සඳහා ඇමෙරිකාවේ ෆෙඩරල් ප්‍රඥප්තිවල නීතිමය ප්‍රතිපාදනයන් තිබෙනවා. ඒවා කාලයක්පුරා ව්‍යවස්ථාපිතව පැවැත එන ඒවායි. අපරාධය සිදුවූ ස්ථානය හෝ අපරාධකරුවන් හෝ වින්දිතයාගේ හෝ ජාතිකත්වය නොසලකා දරුණු අපරාධයක් සිදුකරන ඕනෑම අයකුට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අධිකරණ බලය තහවුරු කළ හැකියි….’

තම දේශනයේදී ස්ටීවන් හෝස්ෆෝර්ඩ් මන්ත්‍රීවරයා තවත් සුවිශේෂ කරුණක්ද ප්‍රකාශ කර ඇත. එනම් තමන් නියෝජනය කරන කොංග්‍රස් කමිටුවෙන් පසුව මෙම ක්‍රියාවලිය ඍජුවම ඉදිරිපත් කරනු ලබන්නේ ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය යටතේම තිබෙන විදේශ සබඳතා කමිටුව වෙතය. දැනට මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේද ඇමෙරිකානු කොංග්‍රස් මන්ත්‍රීවරයකු වන ග්‍රෙගරි මීක්ස් නමැත්තාය. ඒ අනුව හෝස්ෆෝර්ඩ් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම අර්බුදයේ තොරතුරු තව දින කිහිපයකින් අනෙක් ප්‍රධානතම කමිටුවේ සභාපති ග්‍රෙගර් මීක්ස් වෙත ඉදිරිපත් කරන බවය. එවිට මෙම විමර්ශනය ජාත්‍යන්තර මට්ටමින් සිදුකෙරෙන බවද ඔහු ප්‍රකාශ කර ඇත. ග්‍රෙගරි මීක්ස් යනු කීර්තිමත් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන අතර ඔහු දැනට නොකඩවා වසර 23ක් කොංග්‍රස් සභිකයකු ලෙස කටයුතු කර ඇත. නීතිඥයකුද වන ඔහු ජාත්‍යන්තර මූල්‍යමය විමර්ශනයන් සඳහා හසළ අවබෝධයක් ඇති අයෙකි. එසේම ඔහුද ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය ගැන හොඳ අවබෝධයක් ඇත්තකු යැයි පැවසෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදය විදේශයන්හි සිටින තම පුරවැසියන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා විදේශයන්හිදී තම ඇමෙරිකානු නීතිය ක්‍රියාත්මක කළ හැකි සුවිශේෂ තත්ත්වයන් තිබේ යැයි මෙහිදී හෙළිවී ඇත. එහිදී එවැනි පුරවැසියන් විසින් සිදුකරනු ලබන ඇමෙරිකානු ‘විදේශ දූෂිත පිළිවෙත් පනත’ (Foreign corrupt practices act) උල්ලංඝනය කිරීම හරහා නිසි ක්‍රියාමාර්ගයක් ගැනීම සිදුකළ හැකිය. එහිදී එවැනි පුද්ගලයන් සිදුකර ඇති මුදල් විශුද්ධිකරණය සහ ධන වත්කම් පැහැරගැනීම් ගැන ඇමෙරිකානු නීතිය යටතේ ඍජුවම කටයුතු කළ හැකිය. පසුගියදා පැවැති මෙම දේශනයේදී ස්ටීවන් හෝස්ෆෝර්ඩ් මන්ත්‍රීවරයා තෙවරක්ම කෙළින්ම ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය පාලනයේ සිටින බලගතු පවුලක් විසින් ශ්‍රී ලංකාවට මෙම විනාශය සිදුකළ බවය. මෙම තනි පවුල දැනට බලපා තිබෙන දරුණු මූල්‍ය විපත්තියට සහ උග්‍ර ආර්ථික බංකොලොත්භාවයට ඍජුවම වගකිව යුතු යැයිද ඔහු දැඩිව අවධාරණය කර ඇත. එහෙයින් මෙම විමර්ශනය සාර්ථකව සිදුකර මෙම කොල්ලකෑමේ සම්පූර්ණ වගතුග සොයාගත යුතු යැයිද ඔහු පවසා ඇත.

ඇමෙරිකානු කොංග්‍රස් සභික ස්ටීවන් හෝස්ෆෝර්ඩ් මහතා පසුගිය කොවිඩ් 19 වසංගත සමයේදී ශ්‍රී ලංකාවට බෙහෙවින් උදව් උපකාර කළ පුද්ගලයකු ලෙස සඳහන් වෙයි. එනම් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු කොවිඩ් එන්නත් ලබාගැනීමට අපහසුව තිබෙන විටදී ඔහු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ඇමෙරිකානු ජාත්‍යන්තර ඒජන්සිය හරහා ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් තොග ලබාදීමට කටයුතු කර ඇත. පසුගියදා ලාස්වේගාස් නගරයේදී පවත්වන ලද රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර සිටියේ දැනට ඇමෙරිකා – ශ්‍රී ලංකා සංගමයේ සභාපති ධුරය උසුලන සන්ජේ සේදර මහතා විසිනි. ඔහුද ඇමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන අතර 2014 වසරේදී නෙවාඩා සෙනට් සභාවේ අසුනකටද තරග කළේය. සන්ජේ සේදර මහතා දැනට ශ්‍රී ලංකා-ඇමෙරිකා වාණිජ මණ්ඩලයේ සභාපති ධුරයද උසුලයි. මෙම වාණිජ මණ්ඩලයේ උත්සවයේදී කොංග්‍රස් සභික ස්ටීවන් හෝස්ෆෝර්ඩ් මහතා ඉහත ආන්දෝනාත්මක තොරතුරු අනාවරණ කළේය. ශ්‍රී ලංකාවේ බලවත් දේශපාලනික පවුල ගැන සිදුකෙරෙන ඇමෙරිකානු විමර්ශනයේ පිටු දිගහැරෙන හැටි බලාගෙන සිටිමු.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ජන අරගලය විකෘති කරන්න හදනවා! ස්වාධීන යැයි කියන කණ්ඩායමේ නිරුවත එළියට ආවා! උන්ට ඕනේ ගෝඨා බේරගන්න! ජන්දයක් නොතියා අන්තර්වාර පාලන දාගෙන ඇදගෙන යන්න! සජබෙත් තැටිය වෙනස් කරන්න හදනවා! දැන් ගෝඨලා එක්ක ආණ්ඩු හදන්න හදනවා! අරගලයේ නියමුවා කුමාර් මහත්තයා එළියට ඇවිත් බරපතළ පණිවුඩයක් දෙයි! (VIDEO)

Next Post

මහින්දානන්දට ගමටවත් යන්න බෑ…! මිනිස්සු හූ තියයි…! පොලිසිය බේරගනී…! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.