ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
පෙරවරු 11.30ට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත ජනාධිපතිතුමාට සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට ආසනයක් වෙන්කර ඇතත්, ආරංචිමාර්ග පවසන අන්දමට ඔහු මෙවරත් සභා ගර්භයේ අසුන් ගැනීමට නොපැමිණෙන බව සඳහන් වේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්දය පැවැත්වෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා සභාගර්භයට යෑමට සූදානම් වුවත් අත්කොට කමිසයකින් සැරසී සිටි නිසා ඔහුට සභාගර්භයේ අසුන් ගැනීමට නොහැකි විය.
ආණ්ඩුවේ පළමුවැනි අය වැය විවාදය පැවැත්වෙන මේ මොහොතේ එහි පැමිණෙන ජනාධිපතිතුමා සිය නිල කාමරයේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් මුණගැසීමට සූදානම් බවද සඳහන් වේ.










