• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති කාර්යාලය තියන අවුරුදු උත්සවයට අයදුම්පත් කැඳවන්න පටන් ගනී! තරග මෙන්න! දෙන තෑගි මෙන්න!

April 18, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනාධිපති කාර්යාලය තියන අවුරුදු උත්සවයට අයදුම්පත් කැඳවන්න පටන් ගනී! තරග මෙන්න! දෙන තෑගි මෙන්න!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ එක්වී සංවිධානය කරනු ලබන “වසත් සිරිය 2023” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් සඳහා අයදුම් පත් කැඳවීම ආරම්භ කර තිබේ.

සියලු අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

“වසත් සිරිය” අවුරුදු කුමරා/ කුමරිය (විවෘත) තරගය සඳහා මාස 03ක් ඇතුළතදී ගත් වර්ණ ඡායාරූපයක් සමග අයදුම් කළ යුතු වේ. සියලු අයදුම්කරුවන් වයස අවුරුදු 20-35 අතර අවිවාහක අය විය යුතුය.

සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය [email protected] විද්‍යුත් ලිපිනය වෙත 2023.04.20 දින ප.ව 3.00ට පෙර ලැබීමට සැලැස්විය යුතුය.

පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා රන් ආභරණ සහිත වටිනා ත්‍යාග පිරිනැමේ. තරග කොන්දේසි සම්බන්ධ අවසාන තීරණය සංවිධාන කමිටුව සතු වන අතර වැඩි විස්තර ඒ.ජී.එම්.ඉසංකා මිය (සම්බන්ධීකාරක)-දු.ක.-0702025095 ඇමතීමෙන් ලබාගත හැකිය.

එමෙන්ම “වසත් සිරිය” මැරතන් ධාවන තරගය සඳහා අයදුම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිලෝමීටර් 20ට වැඩි තරගයක් ධාවනය කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට වෛද්‍ය වාර්තාවක් ද සමග අයදුම් කළ යුතු වේ.

මෙම අයදුම්පත්‍ර 2023 අප්‍රේල් මස 21 වන දින මධ්‍යාහ්න 12.00ට පෙර ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක අංශය වෙත ලබාදිය යුතු අතර [email protected] ඊ-මේල් ලිපිනය ඔස්සේ හෝ 0710573828 වට්ස්ඇප් අංකය ඔස්සේ යොමු කළ හැකිය.

මැරතන් තරගයේ (පිරිමි) පළමුවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින් පිරිනැමේ.

කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රුපියල් 7,500 බැගින් පිරිනමනු ලබයි.

එමෙන්ම ස්ටෑන්ඩඩ් පාපැදි සවාරිය (පිරිමි/ කාන්තා) දිවයිනටම විවෘතය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව එය සංවිධානය කරයි.

පිරිමි අංශයේ ස්ටෑන්ඩඩ් පාපැදි සවාරිය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී මීගමුව පාර ඔස්සේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටඹුව, නුවර පාර, කඩවත, පෑලියගොඩ, හරහා නැවත ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

එහි කාන්තා අංශයේ තරගය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී ගාලු පාර ඔස්සේ පාමංකඩ, පිළියන්දල, කැස්බෑව, කොට්ටාව, මහරගම, නුගේගොඩ, තුම්මුල්ල හන්දිය, පිත්තල හන්දිය, ලේක්හවුස් ඔස්සේ නැවත ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

1973 වසරේ හා ඉන් පසුව සහ 2004 වසරේ හා ඉන් පෙර වසරවල උපත ලැබූ ශ්‍රී ලාංකික පිරිමි සහ කාන්තා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා සහභාගී විය හැකිය.

මෙම තරගය සඳහා ගැනෙන ස්ටෑන්ඩඩ් පාපැදි ඉදිරිපස සහ පසුපස දැති 48 සහ 18, හැඬලයේ රෙස්ට් බාර්/ හැක් බාර් සමඟ තරග කිරීම තහනම් බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.

ඒ අනුව මේ සඳහා සහභාගිවීමට අපේක්ෂා කරන තරගකරුවන් අදාළ අයදුම්පත සම්පූර්ණ කර රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලවා තරග කිරීමට හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට සහතික කොට සංවිධායක මණ්ඩලය වෙත [email protected] ඊ-මේල් ලිපිනය ඔස්සේ හෝ 0788429688 වට්ස්ඇප් අංකය ඔස්සේ යොමු කළ හැකිය.

2023 අප්‍රේල් 21 දින පෙ.ව 10.00 ට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර පිළිගන්නා ලද අයදුම් පත් පිළිබඳ වට්ස්ඇප් පණිවිඩයක් ඔස්සේ අයදුම්කරුවන් වෙත දැනුම් දෙනු ලැබේ. මෙම අයදුම් කිරීම හා ලියාපදිංචිය සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

ස්ටෑන්ඩඩ් පාපැදි තරගය (පිරිමි) පළමු ස්ථානය සඳහා රුපියල් 100,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, 6 සිට 10 ස්ථාන දක්වා රුපියල් 9,000 බැගින් ද, 11 සිට 15 ස්ථාන දක්වා රුපියල් 5,000 බැගින් ද ත්‍යාග පිරිනැමේ.

කාන්තා තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 40,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක් ද, 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 9,000 බැගින් පිරිනමනු ලබයි.

කඹ ඇදීමේ තරගය සඳහා අදාළ අයදුම්පත සම්පූර්ණ කර තරගාවලිය ආරම්භ කිරීමට දින 02කට ප්‍රථම ලබා දිය යුතු අතර ඒ සඳහා 0717880695 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙකුට ක්‍රීඩා කළ හැකි අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ සම්පූර්ණ ක්‍රීඩකයන් ගණන 10 කි.

ජනාධිපති කාර්යාලය සියලු රාජ්‍ය ආයතන ඒකරාශි කර ගනිමින් පවත්වන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 සෙනසුරාදා පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා කොළඹ, ෂැංග්‍රිලා ග්‍රීන් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ තරග ඉසව් සංවිධානය කර තිබේ.

මියැසි ප්‍රසංගය රාත්‍රී 7.00 ට එම ස්ථානයේ දී ආරම්භ වේ.

SendShareShare
Previous Post

කිසිම දවසක ජාතික ආණ්ඩු ගැන කතා කරලා නෑ! අගමැතිකම් මැතිඇමැතිකම් ගැන කතා කරලා නෑ! කොටින්ම ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් එක්ක අපි ජාතික ආණ්ඩු හදන්න යන්නේ නෑ! ලක්ෂ 2000ට අලෙවි වන මන්ත්‍රීවරු අපි ගාව නෑ! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO

Next Post

ජාතික ඉෆ්තාර් උත්සවය සමරන්න ජනපති අරලියගහ මැදුරට එයි! PHOTOS

MORE NEWS

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

බැල්ටිමෝර් සිට කොළඹ දක්වා වූ ඓතිහාසික මුහුදු ගමනෙන් පසුව, එක්සත් ජනපදය සතුව පැවති U.S. Coast Guard Cutter Decisive නෞකාව, SLNS...

Read more
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.