මේ වන විටත් පළාත් සභා ක්‍රියාත්මක නොවීම තුළ එයද විධායකයේ හස්තයට යටත් වී ඇති මොහොතක පළාත් පාලන මැතිවරණයද නොපැවැත්වීම මේ රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය විනාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“විශේෂයෙන්ම අද රටේ සර්වබලධාරියා බවට ජනාධිපතිවරයා පත් වෙලා. දැන් ජනාධිපති තමයි තීන්දු කරන්නේ ඡන්දේ තියෙනවාද නැද්ද කියලා. එදා පාර්ලිමේන්තුවේදීත් කිව්ව පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් පවත්වන්න සුදුසුම වසර 2024 කියලා. ඒක ජනාධිපතිට අයිති කාරණයක් නොවේ. එහෙම කියන්න අයිතියක් නැහැ. එතුමා නෙමෙයි ඒක තීරණය කරන්නේ. රටේ උත්තරීතර නිීතියේ තියෙනවා. ඒත් ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරනවා” යයිද විපක්ෂ නායකතුමා පැවසීය.










