විවිධ හේතු සාධක ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්රියාමාර්ගවලට එළැඹීමට තීරණය කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානය(පැෆරල්) පවසනවා.
පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ, මතුව ඇති තත්ත්වය පිළිබඳව ලබන අඟහරුවාදා මැතිවරණ කොමිසම සමග සාකච්ජා කිරීමට සැලසුම් කර ඇති බවයි.










