දැනට සති 7ක් තිස්සේ ලංකාවේ කොටස් වෙළෙදපොළ ධනාත්මක වර්ධනයක් පෙන්වමින් තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එමෙන්ම රුපියලට සාපේක්ෂව ඩොලරයද කෙමෙන් ස්ථාවර වෙමින් පවතින බව ඔවුහුු පෙන්වා දෙති.
ජනාධිපතිවරණයෙන් පසුව රටේ ආර්ථිකය ස්ථාවර අතට පෙරළෙනු ඇති බවට ව්‍යවසායකයින් තුළ ඇති වී තිබෙන විශ්වාසය මේ සදහා හේතු වී ඇති බවද ඔවුහු සදහන් කර සිටිති.