ලබන ජුනි මස 20 වැනි දින මහමැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිසම මගින් යළි දින නියම කළද ලබන 27 වැනිද නැවත පක්ෂ නායකයන් කැදවා ඒ වනවිට මතුව ඇති තත්ත්වය පිළිබද යළි සමාලෝචනයක් කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තීන්දු කර ඇත.
දේශප්‍රිය මහතා මෙම තීන්දුව ගෙන ඇත්තේ මැතිවරණයට දින නියම කළද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මත එම දිනයද කල් දැමීමට සිදුවනු ඇති බවට අවසන් වරට පැවැති පක්ෂ නායක රැස්වීමේදී අදහස් මතුවීම මුල්කරගෙනය.
කෙසේවෙතත් ලබන 04 වැනි දින අපේක්ෂකයන්ට මනාප අංක ලබා දීමද සිදු කළ යුතු බැවින් ඊට පෙර යළිත් වතාවක් පවතින තත්ත්වය සමාලෝචනය කිරීමද මතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ.










