ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාවන් තුළ ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳ සාකච්ඡාවක් අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්යසාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණ.
ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා පෞද්ගලික මගී ප්‍රවාහන සේවාවන්ගෙන් ලබාගත හැකි බස් රථ සංඛ්‍යාව හා දුම්රිය සංඛ්‍යාව, පොදු මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේ දී සේවකයන් යොදවා ගැනීම පිළිබඳව ඇතිවන ගැටළු නිරාකරණය, පොදු මගී ප්‍රචාහන සේචා භාවිතා කිරීමේ දී මගීන් සඳහා සැකසිය යුතු සෞඛ්‍ය ආරක්ෂන ක්‍රමවේද, සියළු පොදු ප්‍රවාහන සේවාවන් සමග ඒකාබද්ධව ගමන් වාර සැලසුම් කිරීම පිළිබදව මෙම හමුවේ දී සාකච්ඡාවට බදුන්විය.












