20 වන සංශෝධනයට ජන්දය විමසීම සදහා තවත් පැයක පමණ කාලයක් ඉතිරිව පැවතියදී 20ට එරෙහිව පසුගිය දින කිහිපයේ අදහස් දැක්වූ ගෙවිදු කුමාරතුංග මහතා හිටිහැටියේම පාර්ලිමේන්තු සංකීර්ණයේ දැකගන්නට නොැලැබීම හේතුවෙන් ආණ්ඩු පක්ෂය කලබලයට පත්ව ඇති ආකාරයක් වාර්තා වේ.
එහිදී ගෙවිදු කුමාරතුංග මහතා සභා ගැබේ පෙනෙන්නට නොසිටීමත් සමග කලබලයට පත්ව ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වහාම ඔහු සොයා පාර්ලිමේන්තුව ඇතුළේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ආණ්ඩු පක්ෂ ලොබියේ මෙන්ම විපක්ෂ ලොබියේද, පුස්තකාලයේද කුමාරතුංග මහතා දැකගැනීමට නොමැති වීමත් සමග මන්ත්‍රීවරුන් මේ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද එය දැනුම් දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් පසුව කුමාරතුංග මහතා පාර්ලිමේන්තු ආපනශාලාවේ රැදී සිටියදී මන්ත්‍රීවරුන්ට සොයාගැනීමට හැකිවීමත් සමග මතුවූ කලබලය පහව ගොස් ඇති බව ද දැනගන්නට ඇත.










