• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති රනිල් මහියංගන පුදබිම පූජා භූමියක් ලෙස සන්නස් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරයි! PHOTOS I Sri Lanka Latest News!

May 29, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ජනපති රනිල් මහියංගන පුදබිම පූජා භූමියක් ලෙස සන්නස් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරයි! PHOTOS I Sri Lanka Latest News!
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ වෙත පිළිගැන්වීය.

ඓතිහාසික මහියංගනය පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුත්තකට සහභාගී වූ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ (28) පස්වරුවේ මහියංගනය පුද බිම වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය.

මෙත් සවිය නිර්මාතෘ තාරකා විද්‍යාඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් “මෙත් සවිය මනස අධ්‍යාපන මෛත්‍රී සංසදය “මගින් විල්ලුව වැව මධ්‍යයේ ඉදිකළ අඩි 102 ක් පමණ උසින් යුත් සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරිම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

ඓතිහාසික මහියංගනය මහ සෑ රඳුන්ගේ ආරක්ෂාව පිණිසත්, විහාර අලංකරණය පිණිසත් ඉදිකළ අඩි 2500ක දිගින් යුත් වලාකුළු බැම්ම විවෘත කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරිණි.

මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෘතවේදිත්වය පිරිනමමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

පුණ්‍ය මහෝත්සවයේ පිළිගැනීමේ අනුශාසනාව සිදු කළ මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ සඳහන් කළේ ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රතිසංස්කරණය කළ එකම විධායක ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසීය

මහියංගනය චෛත්‍ය රාජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජවරු දෙදෙනෙක් මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. ඒ දුටුගැමුණු රජතුමා සහ පළමුවන විජයබාහු රජතුමා යි.

ඉන්පසුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණේ ඩී එස් සේනානායක අගමැතිවරයාගේ කාලයේයි. නමුත් මේ රටේ විධායක ජනාධිපතිවරු අට දෙනෙක් බිහි වෙලා තිබුණත් මහියංගනය පුදබිම ප්‍රතිසංස්කරණය කිරීමට පැමිණි එකම එක විධායක ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතායි. මහියංගණ පුදබිම පූජා භූමියක් කිරීම සඳහා ගැසට් කළේ ඔබතුමායි. මේ වෙනකන් මහියංගනය පුදබිමට තිබුණේ පූජා නගර ගැසට් පත්‍රයක් පමණයි.
ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහා නායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනානයක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක ස්වාමීන් වහන්සේ, ප්‍රමුඛ කාරක සංඝ සභික ස්වාමින් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාමිල්, ශ්‍රි ලංකාවේ වියට්නාම තානාපතිනිය, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ, ඓතිහාසික දළදා මාළිගාවේ දිවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ නියෝජිතයන් සහ ආරාධිත පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-05-29

SendShareShare
Previous Post

ජනාධිපති හදිසි තීන්දුවක් ගනී! කැබිනට් ඇමැතිවරුයි හිටපු කැබිනට් ඇමැතිවරුයි හවස 5ට කැඳවයි! ජොනීට රෝහිතට එස්.බී.ට එස්.එම්.ට කැබිනට් ඇමැතිකම් දෙන්නද හදන්නේ? I Sri Lanka Latest News

Next Post

දැන් නම් බීලා එලෙව්වොත් පොලිසියට ගිහින් ‘චූ’ කරන්නත් වෙනවා! අරක්කු විතරක් නෙමෙයි බීපු ඔක්කොම මාට්ටු! VIDEO  I Sri Lanka Latest News!

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.