ආණ්ඩුවේ ප්‍රධාන ආයතන, දෙපාර්තමේන්තු, මණ්ඩල රැසක දැවැන්ත වෙනස්කම් රැසක් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
ඒ අනුව බොහෝ ආයතනවල සභාපති ධුර ඇතුලු තනතුරු රැසක් වෙනස් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
මේ හරහා ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇති බව පැවැසේ.
එළඹෙන අලුත් අවුරුදු සමයෙන් පසු ජනාධිපතිවරයා මෙම වෙනස්කම් සිදුකිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.