• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යමරජු ආණ්ඩුවේ දිව කපලද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 3, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 5 mins read
A A
යමරජු ආණ්ඩුවේ දිව කපලද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මෛත්‍රී-රනිල් ආණ්ඩුවට බොක්කෙන්ම වැඩ කළ යහපාලනකාරයෙක් පහුගියදා අපූරු කතාවක් කීවේය.

‘ඉස්සර අපි පොඩි කාලේ ආච්චිලා, සීයලා කියනවා බොරු කිව්වොත් අපායේදී දිව කපනවා කියල. මේ රාජපක්‍ෂ ආණ්ඩුවට වෙලා තියෙන්නෙත් ඒකයි. අපායට යන්න කලින් යහපාලන ආණ්ඩු කාලේ කිව්ව බොරුවලට යම රජ්ජුරුවෝ දැන්ම දිව කපල. දැන් මුකුත්ම කියාගන්න බැරුව ගොළුවෝ වගේ ඉන්නවා…’

ඔහු මේ කතාව කීවේ අපූරු උදාහරණයකුත් එක්කය.

‘දැන් බලන්න, මෛත්‍රි-රනිල් ආණ්ඩුව ආ ගමන්ම රටේ ලොකුම ඉෂූ එක වුණේ මොකක්ද? අර ජෝන් අමරතුංගයා වත්තල ඇවිදින මංතීරුවේ සිමෙන්ති කඩපු එකනේ. ටී.වී.වලයි, රේඩියෝ එකෙයි, පත්තරවලයි උදේ, දවල්, රෑ ඕක පෙන්නුවේ දළදා මාලිගාව කැඩුවා වගේනේ. ඒ ජෝන්නේ. දැන් රාජපක්‍ෂලා ඇවිත් මාසෙන් දෙකෙන් මොකද වුණේ. ජොන්ස්ටන් නැතිනම් ජොනියාගේ ගෝල බාලයෝ කුරුණෑගල මාලිගාව කැඩුවානේ. දේශප්‍රේමීන්ගේ මුඛ පූට්ටු වෙන්නම කැඩුවානේ…’

මේ ඔහු කී කතාවය. කතාව ඇත්තය. මෛත්‍රි – රනිල් ආණ්ඩුවට එරෙහිව රාජපක්‍ෂලාගේ විපක්‍ෂය කළ හැම චෝදනාවක්ම අද රාජපක්‍ෂලාගේ ආණ්ඩුවට පාරාවළල්ලක් වී ඇත. ඒ විතරක් නෙවේ. රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන එන්න දරදිය ඇද්ද අයම අද හැරිලා ආණ්ඩුවටම ගහන්න අවි ඔසවා ඇත.

මෛත්‍රි – රනිල් ආණ්ඩුව බලයට ඇවිත් මාස තුනක් ගතවෙන්න පෙර ආණ්ඩුව කෑලි යන්න පුපුරවපු බෝම්බය බැඳුම්කරයය. බැඳුම්කර චෝදනාව භයානක වූයේ ඊට සම්බන්ධ දෙදෙනාම මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ බෑණා අර්ජුන් ඇලෝෂියස් දමිළයන් වීමය. රාජපක්‍ෂවරුන්ගේ විපක්‍ෂය ඒ වන විටත් මෛත්‍රි – රනිල් ආණ්ඩුව දින්නේ කොටි හිතවාදී ටී.එන්.ඒ. ඡන්දවලින් කියා මතයක් ජනගත කොට තිබුණි. එහෙව් ආණ්ඩුව බැංකු මංකොල්ල කන්නේද දමිළ ව්‍යාපාරිකයන් එක්ක යැයි රාජපක්‍ෂ විපක්‍ෂය වහෙන් ඔරෝ භාෂාවෙන් කීහ. අනෙක බැඳුම්කරය එළියට ආවේ පළමුව රාජපක්‍ෂලාගේ විපක්‍ෂයෙන් නොවේ. ආණ්ඩුව ඇතුළෙන්මය. අර්ජුන් යන නාමය ආණ්ඩුවේ විනාශයේ අකුරු හතර විය. අර්ජුන් මහේන්ද්‍රන් අගමැති රනිල්ගේ ගජ මිතුරෙක් බව රාජපක්‍ෂලාගේ විපක්‍ෂය රස කර කර රටට කීහ.

එහෙව් රාජපක්‍ෂලා බලයට ඇවිත් ගෙවුණේ වසරක් පමණි. බැඳුම්කර වංචාවට වඩා ලොකු වංචාවක් කරළියට ආවේය. ඒ සීනි බදු වංචාවය. ඒ වංචාව එළියට ආවේත් ආණ්ඩුවේ ඇතුළෙන්මය. ඒ පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවෙන්ය. ගිණුම් කාරක සභාවට බිලියන ගණනක සීනි බදු වංචාවක් සිදුව ඇතැයි කීවේ ආණ්ඩුවේම මුදල් අමාත්‍යාංශයය. මේ සීනි බදු වංචාවට නම ගෑවුණේ රාජපක්‍ෂලා මෛත්‍රි – රනිල් ආණ්ඩුවට ගෙදර යන තැනට වැඩ සලස්සපු මුස්ලිම් විරෝධයේ සංකේතයක් බඳු මුස්ලිම් ව්‍යාපාරිකයෙකි. පාස්කු ප්‍රහාරයට පසු විමල්ලා, උදයලා ඇතුළු දේශප්‍රේමීන් පමණක් නොව මහනායක හිමිවරුන්ද කීවේ මුස්ලිම් බිස්නස් වර්ජනය කරන්න කියාය. රාජපක්‍ෂලා බලයට ආවේ ඒ මුස්ලිම් විරෝධී රැල්ලෙනි. එහෙව් රාජපක්‍ෂ ආණ්ඩුවට එල්ල වූ පළමු මූල්‍ය වංචාවට ඇඟිල්ල දික්වුණේ මුස්ලිම් ව්‍යාපාරිකයකු වූ සජාඩ් මවුසූන්ටය. ඔහු වියත් මඟට සිය ෂැංග්‍රිලා හෝටලය දුන් අයෙක් යැයි විපක්‍ෂය රස කර කර කීහ. මෛත්‍රි – රනිල් ආණ්ඩුව අප්‍රසාදයට පත්කරන්න රාජපක්‍ෂලාගේ විපක්‍ෂයට ලැබුණු තුරුම්පුව අර්ජුන් ඇලෝෂියස්ය. අද රාජපක්‍ෂ ආණ්ඩුව අප්‍රසාදයට පත්කරන්න විපක්‍ෂයට ලැබිලා තියෙන තුරුම්පුව සජාඩ් මවුසූන්ය.

ඇත්තටම මෛත්‍රි – රනිල් ආණ්ඩුව අර්ජුන් ඇලෝෂියස් ඇතුළු චෝදනා ලබපු අය අත්අඩංගුවට ගනු ලැබීය. මෛත්‍රි අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන ඒමට සිංගප්පූරු ආණ්ඩුව සමඟ සාකච්ඡා කළේය. ඒත් රාජපක්‍ෂලාගේ විපක්‍ෂය කීවේ මහ මොළකරු රනිල් නිදැල්ලේ කියාය. අද රාජපක්‍ෂ ආණ්ඩුව බලයට ඇවිත් වසරකටත් වැඩිය. අද විපක්‍ෂය අහන්නේම මොළකරුව අල්ලන්නේ කවදාද කියාය. ආණ්ඩුවේ දිව කපලාය.

පාස්කු බෝම්බ ප්‍රහාරයට පසුත් මෛත්‍රි – රනිල් ආණ්ඩුව ප්‍රහාරයට සම්බන්ධ වගකිව යුතු හැමෝම අත්අඩංගුවට ගත්හ. සමහරු සියදිවි හානිකර ගත්හ. ඒත් රාජපක්‍ෂලාගේ විපක්‍ෂය කීවේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුවා නිදැල්ලේ කියාය. ‘කවුද කියල අදාළ නැහැ. අපි බලයට ආ විගස අත්අඩංගුවට ගන්නවා’ යැයි ඔවුහු කීහ. වසරක් ගෙවී ඇත. ජනතාව අහන්නේ කෝ මහමොළකාරයා කියාය. ආණ්ඩුව දැන් කරවටක් එරී ඇත්තේ මහමොළකාරයා හොයාගන්න බැරිවය. බැඳුම්කරයේත්, පාස්කු බෝම්බයේත් මහමොළකාරයා ආණ්ඩුවට පාරාවළල්ලක් වී ඇත.

රාජපක්‍ෂලාගේ විපක්‍ෂය ආණ්ඩුවට කොන්ද කැඩිලා වැටෙන්නම ගැහුවේ පාස්කු ප්‍රහාරයට පසු අවුලපු මුස්ලිම් විරෝධයෙන්ය. ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු ඉවත් විය යුතු යැයි රතන හිමි කළ සත්‍යග්‍රහය පිටුපස සිටියේ රාජපක්‍ෂ විපක්‍ෂයය. මුස්ලිම් කඩවල කොත්තු කෑවොත් වඳ වෙනවා යැයිද, මුස්ලිම් වෛද්‍යවරු කාන්තාවන්ගේ පැලෝපීය නාලය කපනවා යැයි කීවේ ඔවුන්ය. අද රාජපක්‍ෂ ආණ්ඩුවේ තුනෙන් දෙක ආරක්‍ෂා කරන්නේ රිෂාඩ්ලගේ, හකීම්ලගේ මුස්ලිම් පක්‍ෂය. පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් දෙන අධිකරණය බාර ඇමැති මුස්ලිම් ජාතික අලි සබ්‍රිය. අද විපක්‍ෂය නොකීවාට මිනිස්සු අහන්නේ ආණ්ඩුවේ බදු සහනවලින් බිලියන ගණන් සල්ලි හොයන මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ සීනිවලින් වඳ වන්නේ නැතිද කියාය. කොරේ පිටට මරේ කීවා සේ වඳ කොත්තු වෙනුවට පිළිකාකාරක තෙල් වෙළෙඳපොළට ඇවිත් ඇත. තෙල් ව්‍යාපාරයේ ලොකුම කොටස් ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ටය. තමන් බලයට ආ විට වහාම අරාබි වචන අඩංගු වෙළෙඳ නාම පුවරු, මෙරට අරාබි උගන්වන පාසල් තහනම් කරනවා යැයි රාජපක්‍ෂ කීහ. කොරෝනා ආ විට මුස්ලිම්වරු නිසා කොරෝනා පැතිරෙනවා යැයිද මුස්ලිම් දේහ වළදමන්න දෙන්නේ නැතැයිද කියා ආණ්ඩුව කෑමොර දුන්හ. හරියටම කොරෝනා ඇවිත් කොරෝනාවෙනුත් මුස්ලිම් විරෝධය අවුලා වසරක් පිරෙන විට ආණ්ඩුව අරාබි රටවල් ඉදිරියේ දණින් වැටී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහි යෝජනාවට ඡන්දය දෙන්න එපා යැයි කීවේය. ඒ සඳහා මුස්ලිම් දේහ වළදමන්න අවසර දෙනවා යැයි කීවේය. බුර්කාව තහනම් කරනවා කී ආණ්ඩුව දැන් ඒකත් අකුලාගෙන ඇත. අන්තිමේදී ආණ්ඩුව පිළිසරණ පැතුවේ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ නැඟෙනහිර පළාත අරාබියක් කරනවා යැයි චෝදනා කළ අරාබියෙන්මය.

මෛත්‍රි – රනිල් ආණ්ඩුවට එරෙහිව ජනතාව සමාජ මාධ්‍ය හරහා අවුලපු රාජපක්‍ෂලාගේ විපක්‍ෂයේ ලොකුම සටන් පාඨයක් වූයේ විල්පත්තුවේ වන විනාශයය. විමල්ලා, උදයලා, හාමුදුරුවරු වන විනාශයේ පින්තූර පෙන්න පෙන්නා යකා නැටූහ. අද මුළු රටේම මහා වන විනාශයක් වෙන බවට සමාජ මාධ්‍ය හරහා විශාල ලෙස ප්‍රචාරය වෙන අතර, ඇඟිල්ල දික්වී ඇත්තේ ආණ්ඩුවටය. තමා කැලෑ කපනවා යැයි තමාට සමාජ මාධ්‍ය චෝදනා කරන බව ගෝඨාභයම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත.

2019 ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂලා තමන්ට බලයට එන්න රැල්ල හදන්න අන්තිම දින කිහිපයේ පාවිච්චි කළේ විදෙස්ගත ශ්‍රමිකයන් තම වියදමින් ටිකට් ගෙන ගෝඨාභයට ඡන්දය දෙන්න එන හැටිය. කටුනායක ගුවන් තොටුපොළේ අපේ විරුවා කියමින් ඔවුන් සිංහ ධජ අතින් ගෙන එන හැටි මාධ්‍යවලින් පෙන්නුවේ යුද්ධයක් ජයගන්න එනවා වගේය. අද කොරෝනා නිසා ලංකාවට එන්න බලාගෙන ඉන්න විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගන්න වැඩපිළිවෙළක් නැත. ඔවුන් විදේශ රටවල්වල මහ පාරේ ආණ්ඩුවේ අම්මා මතක් කරයි. සල්ලි ඇති විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ඇවිත් නිරෝධායනය වෙමින් මුදල් වියදම් කොට ආණ්ඩුව තමන්ව ගසා කනවා යැයි චෝදනා කරයි.

ඒ මදිවාට මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ඩොලර් එක ඉහළ නඟිද්දී ඩොලර් එක පාලනය කරගන්න බැරි අණ්ඩුවකින් වැඩක් නැහැ කී රාජපක්‍ෂවරු අද ඩොලරය 200 පහු කරද්දී අහක බලාගෙන සිටී. අපේ කාලයේ ඩොලරය පාලනය කළේ මෙහෙම යැයි කයිවාරු ගහපු ඔවුන් ලංකාවේ පළමු වරට ඩොලරය 200ට යද්දී උඩබලාගෙන සිටී. මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේ පොල් ගෙඩිය කීයද, දැන් සැපද කියා අහපු අයම අද පොල් මිල අහස උසට යද්දී පොල් කන්න එපා කියයි. මේ දවස්වල සමාජ මාධ්‍යයේ පළවන ජනප්‍රියම අවුරුදු රබන් පදය මෙයය.

‘කොකිස්වලට කහත් නෑ
කැවුම්වලට තෙලුත් නෑ
මුං කැවුමට ඇටත් නෑ
කොහාට දැන් ගසුත් නෑ
සැපද කියාපන් තකදොන්
සැපද කියාපන්’

මන්ත්‍රිවරු හෙලුවෙන් දුවති. ඇමැතිවරු කසිප්පු පෙරන්න පොලිස් නිලධාරීන් මාරු කරති. ඇමැතිවරු යන යන තැන හූ කියති. සමහර රාජ්‍ය ඇමැතිවරු සෙරෙප්පු පාර කති. රාජ්‍ය සම්පත් විකුණනවා යැයි මෛත්‍රි – රනිල් ආණ්ඩුවට මොරදුන් රාජපක්‍ෂ විපක්‍ෂය අද ආණ්ඩුව අරගෙන පළමුව කළේ ඉන්දියාවේ අදානිට කොළඹ වරායේ බටහිර ජැටිය විකිණීමය.

රාජපක්‍ෂලා කොන්ද පණ ඇති නායකයන් සේ පෙන්නුව කාදිනල් හිමි අද අපි රැවැටුණා යැයි කියති. මුරුත්තෙට්ටුවේගම හිමියෝ අපිට රටට මුහුණ දෙන්න බෑ කියති. ඇල්ලේ හිමි ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකුණනවා කියා කෑගසති. මැදගොඩ අභයතිස්ස හිමි ආණ්ඩුවේ දේශප්‍රේමී සළුපිළි ගලවමින් සිටී. බලාගෙන යන කොට දිව කපල තියෙන්නේ ආණ්ඩුවේ පමණක් නොව 69 ලක්‍ෂයම ඉන්නේ දිව කපාගෙනය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනපති ආණ්ඩුව ඇතුළේ සුද්දයකට සැරසෙයි

Next Post

ඇමැතිලා සමග එරික්ලා දේවානිලාගේ ගැටුම දරුණු වෙයි: මුළු පත්තරයම මෙතනින් බලන්න EXCLUSIVE

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.