මහා පරිමාණව සිදුවී ඇතැයි කියන සීනි වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන අංශයට ලැබී ඇති පැමිණිලි තුනක් සම්බන්ධයෙන් අල්ලස් විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර තිබේ.
එම කොමිසමේ ලේකම් මංගලා දයාරත්න මහත්මිය සඳහන් කළේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ලේඛන පරීක්ෂා කිරීම සහ සාක්ෂි ලබා ගැනීමේ කටයුතු ඉදිරි දිනවල සිදුවන බවය.
ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයින්ගෙන්ද සාක්ෂි සටහන් කර ගනිමින් ලේඛන පරීක්ෂා කරමින් සිදු කරන පරීක්ෂණ සඳහා ගතවන කාලය අනුව මූලික පරීක්ෂණ වටය අවසන් වන දින වකවානු තීරණය කිරීමට නියමිත බවද ඇය සඳහන් කළේය.
මංගලා දයාරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සීනි පරීක්ෂාව අවසන් වීමෙන් පසු ඊළඟට ගත යුතු පියවර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන බවය.