මැතිවරණයට බාධා කරමින් රාජ්‍ය පරිපාලන ලේකම් හපුහින්න මහතා නිකුත් කළ නියෝගයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබුණේද යන්න පිළිබදව මාධ්‍යවේදීන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඒ මහතා අපූරු පිළිතුරක් දී තිබිණ.
ඒ, ලේකම්වරුන් පත් කරන්නේ ජනාධිපති බැවින් ජනාධිපතිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට ලේකම්වරුන් බැඳී සිටින බවකි.
ඇප මුදල් බාර නොගන්න කැබිනට් එක තීන්දු කරලා නෑ? මුජිබර් රහුමාන් කළ ප්‍රශ්න කිරීම!
අපි පළ කළ මව්රට මුල් පුවත!
පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් සිදුකරනු ලබන ඇප තැන්පත් කිරීම් අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවා තිබූ ලිපියක් හේතුවෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ විශාල අර්බුදයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
ඒ සඳහා හේතුවී ඇත්තේ හපුහින්න මහතා සිය ලිපිය මගින් මෙම තීන්දුව කැබිනට් මණ්ඩලය විසින් ගෙන තමන්ට දැන්වූ බවට කර ඇති ප්‍රකාශයය.
ඒ බව දැක්වෙන ලිපියක් කැබිනට් මණ්ඩල ලේකම්වරයා විසින් හපුහින්න මහතා වෙත යොමුකරනු ලැබ තිබුණද මේ වන විට දැනගන්නට ඇති නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ එවැනි සාකච්ඡාවක් පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම තුළ සිදුව නොමැති බවකි.
එමෙන්ම ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් හෝ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර නැති බවක්ද විවිධ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් කැබිනට් ඇමැතිවරුන්ගෙන් යම් යම් පාර්ශ්ව විසින් කර ඇති විමසීම්වලදී ඔවුන්ද ප්‍රකාශ කොට ඇතැයි කියැවෙන්නේ එවැනි කිසිදු කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව නොමැති බවකි.
මීට අමතරව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන ලෙසට වූ ව්‍යවස්ථා විරෝධී තීන්දුව කැබිනට් මණ්ඩලය විසින් ගත්තාද යන්න පිළිබඳ ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මහතා ද කියා සිටියේය.
කෙසේ වෙතත් තවමත් ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයකු මෙවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී සම්මත වූ බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු නොකර තිබීමද විශේෂ සිදුවීමකි.
ඒ අනුව කැබිනට් ලේකම්වරයා සහ හපුහින්න මහතා නිකුත් කර ඇති ලිපි මුල්කරගෙන මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ මහත් ආන්දෝලනයක් ඇතිව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.










