හින්දු ජනතාව ඉමහත් අභිමානයෙන් සමරන තෛපොංගල් උත්සවය කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණි. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
සොබාදහම සමඟ අනුගතව කෘතගුණ සැලකීමේ අගය ලොවට විදහා දක්වන සුවිශේෂී උත්සවයක් ලෙස තෛපොංගල් උත්සවය හැදින්විය හැකි බව විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.


















