• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන ආරක්ෂක ඇමැතිට එරෙහිව හෝන් ගහපු එඩිතර කොල්ලා සමාව ඉල්ලුවේ කාගේ හරි බලපෑමකින්ද?

May 12, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
චීන ආරක්ෂක ඇමැතිට එරෙහිව හෝන් ගහපු එඩිතර කොල්ලා සමාව ඉල්ලුවේ කාගේ හරි බලපෑමකින්ද?
Share on WhatsAppShare on Facebook

චීනයේ අනාගත ඉලක්කය ලෝකයේ අංක එක බවට පත්වීමයි. ඒ ඉලක්කය වෙත චීනය දැනටමත් ළඟා වී හමරය. අද ලෝකයේ චීන වැසියෙක් නොමැති චීන ආයෝජනයක් නොමැති රටක් සොයාගන්නට නැති තරම්ය. දකුණු ආසියාතික කලාපයේ චීනය වැඩි වශයෙන්ම ආයෝජනය කර ඇති රටක් බවට පත්ව ඇත්තේ අපේ රටය. චීනය අපේ රටට වැඩි වශයෙන් හිතෛෂී වන්නේ කලාපයේ බලවතා වන ඉන්දියාවට කිට්ටුවෙන්ම සිටින්නේ අප නිසා විය හැකිය. කෙසේ වෙතත් අපේ රටේ පිහිටීම යුධමය ආර්ථිකමය ආදී සෑම අතින්ම ලෝකයට වැදගත්ය. ලෝක බලවතුන් අපේ රටට ඕනෑ දේටයි එපා දේටයි අත දාන්නේ ඒ නිසාය. හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනය අපට ණය දෙන්නේත්, නෙළුම් කුළුන හදන්නට චීනය අපට ණය දෙන්නේත්, මත්තල ගුවන් තොටුපොළ හදන්න චීනය ණය දෙන්නේත්, වරාය නගරය හදන්න චීනය මුලපුරන්නේත් අපට ඇති ආදරයකට නොව, චීනයේ අනාගත ඉලක්කය වෙත යන ගමනේදී ඔවුන්ගේ ශක්තිය වර්ධනයට මෙරට භූ පිහිටීමේ වැදගත්කම ගැන සලකාය.

චීනයේ ඉහළම රාජ්‍ය නිලධාරියකු වන චීන ආරක්ෂක ඇමති ජෙනරාල් වෙයි ෆෙන්ග් දින දෙකක සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන්නේද නිකන්ම යැයි කියන්නට බැරිය. අද අපේ රටේ සිදුවන බොහොමයක් සංවර්ධන කටයුතු පිටුපස සිටින්නේ චීනය බවද අමතක නොකළ යුතුය. මෙරට සිටින චීන වැඩබිම්වල සේවයේ නිරතව සිටින චීන ජාතිකයන්ට එන්නත් කිරීමට චීනයේ නිෂ්පාදිත වැක්සීනය ගෙන එන විට එය පිළිගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපොළට යන්නේත් චීනය අපේ රටට ඇති ළෙන්ගතුකම නිසාම විය හැකිය. ඒ යැයි කියා අපේ රටට හිතවත් තවත් රටක් වන රුසියාවෙන් ලැබුණු වැක්සීන් භාරගන්නට ජනාධිපති තබා අගමැතිවරයාවත් කටුනායකට ගියේ නැත.

අපේ රටට විටෙන් විට රාජ්‍ය නායකයෝ පැමිණෙති. එසේම ඒ ඒ රටවල මැති ඇමැතිවරුද එති. යති. එහිදී අපේ රටේ මාර්ග වසා දමා දැඩි ආරක්ෂාවක් ලබාදෙන්නේ රාජ්‍ය නායකයන්ට පමණි. රටක රාජ්‍ය නායකයා යැයි කියන්නේ ජනාධිපති හෝ අගමැතිවරයාය. එංගලන්තයේ රාජ්‍ය නායිකාව වන්නේ චාන්සලර්වරියකි. එංගලන්තයේ රාජ්‍ය නායකයා අගමැති වුවත් රජ පවුලටත් ඇත්තේ රාජ්‍ය නායකයාට මෙන් සැලකිලිය. ඒ යැයි කියා රටක ඇමැතිවරයෙක් රාජ්‍ය නායකයෙක් යැයි සැලකෙන්නේ නැත. රටක ඇමැතිවරයෙක් මෙරට සංචාරයක නිරතවන විට සිදුවන්නේ විශේෂ රථ වාහන සැලැස්මක් මගින් ඔවුන් ගමන් ගන්නා වාහන පෙළට මාර්ගයේ බාධාවක් නොමැතිව ගමන් කිරීමට අවස්ථාව සලසා දීමය. එහෙත් චීන ආරක්ෂක ඇමැතිවරයාගේ මෙරට සංචාරයේදී නම් ඔහුගේ ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් අපේ රටේ ආරක්ෂක අංශ යොමු කළේය. ඒ, එම රාජ්‍ය තාන්ත්‍රිකයා අපේ රටට වැදගත් මෙන්ම අපිට සිටින කිට්ටුවන්තම මිතුරාට එහා ගිය බැඳීමක් හේතුවෙන් යැයි යමෙකුට තර්ක කළ හැකිය. එහෙත් අපි ඔහුට හොද ආරක්ෂාවක් දුන්නේය.
චීන ආරක්ෂක ඇමැතිවරයා මෙරට සංචාරයට පැමිණි චීන ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබාන විටම කටුනායක සිට ඔහු නවාතැන් ගන්න්නා කොළඹ හෝටලය දක්වා ගමන් ගන්නා මාර්ගය හමුදාව සහ පොලීසිය මුද්‍රා තබන්නේ එකී ආරක්ෂක වැඩපිළිවෙළට අනුවය. අඩුම තරමින් බල්ලෙකුටවත් පාරට පනින්නට ඉඩක් නොතියමින් දැඩි ආරක්ෂාවක් යොදවනු ලැබීය. චීන ආරක්ෂක ලේකම් මෙරටට ගොඩ බසින්නේ 27 වැනිදා රාත්‍රී කාලයේදීය. ගුවන් තොටුපොළ පරීශ්‍රයේ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධාන කර තිබුණේය. අධිවේගී මාර්ගය ඔස්සේ බේස්ලයින් පාරට ඔහු රැගත් රථ වාහන පෙළ ගමන් කරන්නට වූයේ අනතුරුවය. ගමන් මාර්ගය වැටී තිබුණේ කනත්ත හංදියෙන් බෞද්ධාලෝක මාවත ඔස්සේ බම්බලපිටිය දෙසට ගමන්කර නවාතැන්පළ වෙත යාමටය. වෙනදාට නම් අපේ රටේ පොලීසිය රටේ ජනමාධ්‍ය කැඳවා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කට කැඩෙනකම්ම මාර්ග වසාදැමීම් ගැන කියමින් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි ජනතාවට කියති. එහෙත් චීන ආරක්ෂක ඇමැතිවරයාගේ පැමිණීම වෙනුවෙන් මාර්ග වසන බවක් කල්තියා දැනුම්දීමක් නම් කළේ නැත. මාර්ග වසන්නේ පූර්ව දැනුම් දීමකින් තොරවය. මේ නිසා විනාඩි තිහ හතළිහක් එක තැන වාහනවල සිරවී සිටි ජනතාව සිතන්නේ අපේ රටේ ප්‍රභූවරයෙක් වෙනුවෙන් මෙසේ මාර්ග වසා ඇති බවය.

පැලවත්ත පෙරේරා ගාඩ්න්හි පදිංචිව සිටින රවීන් මාධව විජේරත්නද මේ මොහොත් සිටින්නේ කනත්ත වටරවුම ආසන්නයේ සිය මෝටර් රථයේ සිරවීය. මාධව, ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක හිමිකරුවකුගේ එකම පුතාය. තිස්එක් හැවිරිදි ඔහු වසර 10කට වැඩි කාලයක්ම ජීවත් වුයේ ඔස්ටේ්‍රලියාවේය. ඒ උසස් අධ්‍යාපනය හදාරමිනි. ලංකාවට පැමිණ දැන් වසරක්වත් නැති තරම්ය. නැවතත් ඔස්ටේ්‍රලියාවටම යාම ඔහුගේ අපේක්ෂාවය. එදා ඔහු සිය පෙම්වතිය සහ මිතුරන් කිහිප දෙනෙක් සමග පිටකෝට්ටේ පිහිටි අවන්හලක පැවැති සාදයකට එක්වී තිබුණි. සාදය අවසානයේදී මිතුරන් දෙදෙනෙක් නිවෙස්වලට ඇරලවීමට නාරාහේන්පිටට ආවේය. මාර්ග වැසීමක් ගැන නොදත් ඔහු බේස්ලයින් මාර්ගය ඔස්සේ නාරාහේන්පිට සිට කනත්ත හංදිය වෙත ගමන් කරන්නේ කනත්ත හංදියෙන් කෝට්ටේ පාරට පිවිස බත්තරමුල්ලෙන් පෙම්වතියවත් නිවසට ඇරලවා, පැලවත්තට යන්නට සිතාගෙනය. එහෙත් ඔහු අනපේක්ෂිත ලෙස තදබදයකට හසුවන්නේ චීන ආරක්ෂක ඇමැතිවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ ගමනාගමනය කනත්ත හංදියෙන් හිටි හැටියේම වසා දැමීම නිසාය.

බොහෝ වේලාවක් තදබදයට හසුවී සිටි ඔහු මෝටර් රථයෙන් පිටතට එන්නේ ඉවසුම් නැති තැනය. මාර්ගය වසා ඇත්තේ ඇයිදැයි කියන්නට පොලීසියේ හෝ හමුදාවේ හෝ කිසිවකුත් ඉදිරිපත් වන්නේත් නැත. ඒ නිසාම ඔහු සිය ජංගම දුරකතනය අතට ගෙන සමාජ මාධ්‍ය ගිණුම විවෘත කර සජීවීව සියල්ල විකාශය කරන්නට ගන්නේ මාර්ගය වසාදමා ඇත්තේ ප්‍රභූවරයෙක් වෙනුවෙන් බව කියමිනි. ඒ වන විට ඔහු මෙන්ම සෙසු රියදුරන් සහ වාහනවල ගමන් කරමින් සිටි සිය ගණනක් සිටියේ දැඩි පීඩනයකිනි. මේ තරුණයාගේ නායකත්වය වටා සියල්ලන්ම රොක් විය. රවීන් මාධව රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය විරෝධය වාහනවල නලා හඬවා ප්‍රකාශ කරන ලෙසය. රියැදුරන්ද සිය වාහනවල නලා හඬවමින් විරෝධය දක්වන්නට විය. සියල්ල රවීන් මාධවගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ රටට කීවේය. ප්‍රභුවරයෙක් වෙනුවෙන් මාර්ගය වසා තැබීම සමාජ මාධ්‍ය තුළ ඒත් එක්කම දැඩි කතාබහකට ලක්වන්නට ගත්තේය.

අපේ රටේ ජනාධිපති අගමැති පවා ගමන් කරන විට මාර්ගය වසා ගමන් කළ ප්‍රභූවරයා කවුරුන්දැයි සමාජය විමසන්නට ගත්තේය. රවීන් හෝ රවීන්ගේ හඬට ඇහුම්කන් දෙමින් නලා නාද කළ රියැදුරන් පවා මේ නලා හඬවා විරෝධය දක්වන්නේ කාටදැයි දැන සිටියේ නැත. දේශපාලන කෝණයෙන් මේ ක්‍රියාව අර්ථ දක්වන්නන් එය චීන ආරක්ෂක ඇමැතිවරයාට විරෝධය දැක්වීමක් සේ හුවා දක්වන්නට ගත්තේය. එය චීන ලංකා හොඳ හිතට එතරම් සුදුසු ක්‍රියාවක් නොවන බව ඇතැම් පුද්ගලයන් අර්ථ දැක්වීමත් සමග සිදුවන්නේ චීන ආරක්ෂක ඇමැතිවරයාට හෝන් ගැසීමේ වරදට රවීන් මාධවට එරෙහිව පියවර ගන්නා ලෙස බලධාරන්ගෙන් පොලීසියට උපදෙස් ලැබීමය.

ඒ කටයුත්ත පැවරෙන්නේ බොරැල්ල පොලිස් ස්ථානයටය. බොරැල්ල පොලීසියට පොලිස් තාක්ෂණික කණ්ඩායම්ද සහාය දුන්නේ එදා එම රූපරාමු සජීවීව විකාශය කළ සමාජ මාධ්‍ය ජාලයේ ගිණුම හඳුනා ගන්නටය. අනතුරුව ඒ ඔස්සේ 29 වැනිදා අදාළ තරුණයාව බොරුල්ල පොලීසියට කැඳවමින් අත්අඩංගුවට ගැනෙන්නේ නීති විරෝධි රැස්වීමක සාමජිකයෙක් ලෙස චෝදනා නගමිනි. අනතුරුව එදා රෑ බොරැල්ල පොලිස් සිරමැදිරියේ රඳවා තැබෙන ඔහුව පසුදින ඉදිරිපත් කරන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටය. රජින්ද්‍රා ජයසූරිය මහේස්ත්‍රාත්වරිය එහිදී රවීන් මාධවට විනාඩි 20ක් පමණ කාලයක් තිස්සේ අවවාද දෙන්නේ රාජ්‍ය නායකයෙක් මෙරටට පැමිණෙන විට ඔහුට ආරක්ෂාව මෙන්ම පහසුකම් සැපයීමට ජාත්‍යන්තර සම්මුතිවලින් අප බැඳී සිටින බවද පෙන්වා දෙමිනි. රටවල් දෙකක් අතර හොඳ හිත් පවා පළුදු වන්නට මේ ක්‍රියාව මුල්වන්නට තිබුණු බවද මහේස්ත්‍රාත්වරිය තරුණයාට පැහැදිලි කර දෙමින් ඇප නියම කරන්නේ රුපියල් 50,000ක ශරීර ඇපයක් පමණි.

“මගේ අතින් වරදක් සිදුවුණා. ඒ සම්බන්ධයෙන් රජයෙනුත් ශ්‍රී ලංකා පොලීසියෙනුත් මම සමාව ඉල්ලනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයටත් ශ්‍රී ලංකා පොලීසියටත් මුහුණ දීමට සිදුවූ අපහසුතාවන්ට කනගාටුව පළකරනවා” යැයි අධිකරණයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ සඳහන් කරමින් ඔහු නිහඬව පිටව යන්නේ ඒ ප්‍රකාශය කියන්නට යැයි කියා කීවේ කවුරුන්දැයි මාධ්‍ය විමසමින් ඔහු පස්සෙන් යන විටදීය.

කෙසේ වෙතත් මේ තරුණයා එදා නායකත්වය ගත්තේ, නායකත්වයක් ගන්නට කිසිවෙක් නොමැති අවස්ථාවකදීය. හඬක් නොමැතිව අසරණව සිටි සිය ගණනක් රියැදුරන්ටත් මගීන්ටත් හඬක් වූයේ ඔහුය. එදා ඒ තරුණයා ජනතාව පෙළගැස්වූයේ සාමකාමී විරෝධයකටය. වාහනයක නලාවක් හැඬවීම පොලිස් රාජකාරියට බාධාවක්දැයි මේ වන විට සමාජය තුළ ඇත්තේ කතිකාවකි. එසේම මේ නලා හඬ හෝ විරෝධය චීන ආරක්ෂක ඇමැතිට දැනුනේවත් නැත. මේ සිදුවූයේ ස්වයංව නැගී ආ තරුණ හඬ පාලනය කිරීමක්දැයි යන්න පිළිබඳ ඇත්තේ සැබැවින්ම ගැටලුවකි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

සමාව ඉල්ලලා ලියුම යැව්වා: රන්ජන්ට නිදහස ලැබෙන දිනය…

Next Post

පාතාලේ ‘ඌරුජුවා’ පොලිස් වෙඩි පහරින් මරුට

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.