• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාව ඉල්ලලා ලියුම යැව්වා: රන්ජන්ට නිදහස ලැබෙන දිනය…

May 11, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සමාව ඉල්ලලා ලියුම යැව්වා: රන්ජන්ට නිදහස ලැබෙන දිනය…
Share on WhatsAppShare on Facebook

ජනාධිපති සමාව ලබාගැනීම සඳහා සකස් කළ ලියැවිල්ලට රන්ජන් රාමනායක මහතා අස්සන් තබා ඇති බවට පුවතක් පසුගිය සතියේදී වාර්තා විය. එය දුටු බොහෝ දෙනකු විමතියට පත් වූ අතර ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් පළවන ආකාරයද දැකගත හැකි විය. රන්ජන්ට ජනාධිපති සමාව ලැබිය යුතු බවට අදහස් මෙන්ම රන්ජන් කිසිදු ආකාරයකින් ජනාධිපති සමාව ලබා නොගත යුතු බවද එම අදහස් අතර විය. කෙසේ නමුත් රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා මේ ආකාරයෙන් ලිපියක් සකස් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති දුරකතන සංවාදයකින් අනතුරුවය. රන්ජන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා ඇත්තේ විපක්ෂ නායකවරයාය. ඒ, රන්ජන් විපක්ෂ නායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවය. එම දුරකතන සංවාදය අතරතුරදී ජනාධිපති සමාව අවශ්‍ය නම් ලිඛිතව එය ඉල්ලුම් කරන ලෙස ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇත.

එම ලියැවිල්ල සකස් කිරීම සහ ඒ සඳහා රන්ජන් රාමනායක මහතාගෙන් අස්සන ලබාගැනීම භාරව කටයුතු කළේ නීතීඥ අශාන් ප්‍රනාන්දු මහතාය. ජනාධිපති සමාව ලබාගැනීම වෙනුවෙන් සකස් කළ ලියැවිල්ලට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රාමනායක මහතාගේ අස්සන ලබාගැනීමට ප්‍රනාන්දු මහතා කටයුතු කළ අතර, පසුව එම ලියැවිල්ල විපක්ෂ නායකවරයා හරහා ජනාධිපතිවරයා වෙත යැවීමට කටයුතු කර ඇත. ඒ, පසුගිය 04 වැනිදාය. ඒ අනුව අවසන් තීරණය ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතේය.

රන්ජන් රාමනායක මහතා සැලකෙන්නේ නිරන්තරයෙන් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නැඟූ පුද්ගලයකු ලෙසිනි. රාමනායක මහතා ජනාධිපති සමාව අයැද සිටීම පිළිබඳ බොහෝ දෙනා විමතියට පත්ව ඇත්තේද එබැවිනි. නමුත් මේ ආකාරයෙන් ජනාධිපති සමාව ඉල්ලා සිටීමට හේතු වී ඇති කරුණු කාරණාද බොහොමයකි.

රාමනායක මහතා මේ වන විට රඳවා ඇත්තේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ හුදෙකලා කාමරයකය. එහි රූපවාහිනියක් හෝ නොමැති අතර ඒ මහතාට පුවත්පතක් කියැවීමේ අවස්ථාවක් හෝ නොමැති බව දැනගනන්නට ඇත. ව්‍යායාම සඳහා පැයක පමණ කාලයක් ලැබෙන අතර දවසේ අනෙක් කාලය තුළ රාමනායක මහතා චිත්‍ර ඇඳීම සහ පොතක් ලිවීම සිදුකරන බවද දැනගන්නට ඇත.

ඒ අනුව මේ වන විට රන්ජන් තමන් රඳවා සිටින සිර කුටියේ අඩි 04ක් පමණ උස චිත්‍රයක් නිර්මාණය කර ඇති බවක්ද දැනගන්නට ඇත. එම චත්‍රයෙන් සිර කුටියක සිටින පුද්ගලයකු නිරූපණය වන බව පැවැසේ.

රන්ජන් රාමනායක මහතාගේ බර මේ වන විට පෙරට වඩා කිලෝග්‍රරෑම් 10කින් පමණ අඩු වී ඇති බවද දැනගන්නට ඇත. එමෙන්ම ඒ මහතා පාදයේ ආබාධයකින්ද පෙළෙන බව දැනුම් දී ඇති නමුත් ඒ සඳහා ප්‍රතිකාර කිරීම කොවිඩ් තත්ත්වය හමුවේ ප්‍රමාද වී ඇත. රන්ජන් රාමනායක වැනි සමාජය සමඟ නිරන්තරයෙන් ගැටුණු පුද්ගලයකුට හුදෙකලාව කල් ගතකිරීම ඉතාම අපහසු කටයුත්තකි. මේ වන තෙක්ම ඒ මහතා තම මානසික ස්ථාවරය රැකගෙන කල් ගතකරන අතර, තමා හමුවීමට පැමිණෙන සියල්ලන් සමඟම සිනාමුසුව කතාබහ කිරීමටද රාමනායක මහතා කටයුතු කර ඇත. නමුත් කොවිඩ් තත්ත්වය හේතුවෙන් වර්තමානයේදී කිසිවකුට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාවක් නැත.
ජනාධිපති සමාව ඉල්ලා සකස් කළ ලිපියට අස්සන් තැබීමට රාමනායක මහතා කැමැති වී ඇත්තේ මෙවැනි පසුබිමකය. ඒ බව දැනගත් බොහෝ දෙනකු ප්‍රශ්න කර තිබුණේ රාමනායක මහතාට ඇති එකම විසඳුම ජනාධිපති සමාව පමණක්ද යන්නය.

නීති විශාරදයන් පවසන ආකාරයට රාමනායක මහතාට මේ මොහොතේ ගතහැකි ක්‍රියාමාර්ග දෙකක් ඇත. ඉන් පළමුවැන්න ජනාධිපති සමාව ඉල්ලීමය. දෙවැන්න ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි කිරීමය. මීට පෙර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබූ එස්.බී. දිසානායක මහතාද ඒ පිළිබඳ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල විභාග කළ ජගත් මානව හිමිකම් කවුන්සිලය තීරණය කර ඇත්තේ දිසානායක මහතා අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇතැයි යන්න පිළිගත නොහැකි බවය. එමෙන්ම ඒ සඳහා ඒ මහතාට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබාදිය නොහැකි බවද මානව හිමිකම් කවුන්සිලයේ මතය වී ඇත.
එම තීන්දුවේ තවදුරටත් සඳහන් වී ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුවක් විභාග කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් විසින් නොව විශේෂ කමිටුවක් හරහා සිදුකළ යුතු බවයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ නීතීඥ අශාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එවැනි පසුබිමක ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිළි කළහොත් නිසැකවම ජයග්‍රහණය කිරීමේ හැකියාවක් රාමනායක මහතාට ඇති බවය. නමුත් රාමනායක මහතා ඊට අකැමැති බවද ඒ මහතා සඳහන් කළේය.

“නීතිමය තත්ත්වය අනුව මේ ප්‍රශ්නය ජිනීවාවලට අරන් ගියොත් රාමනායක මහතාට ඒක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒත් ඒකට එතුමා කැමැති නැහැ. ඒ හරහා රටට අපකීර්තියක් වෙනවා කියන එකයි එතුමාගේ මතය. එහෙනම් එතුමාට ගන්න පුළුවන් එකම ක්‍රියාමාර්ගය ජනාධිපති සමාව ඉල්ලන එක විතරයි. ඒ හින්දයි රාමනායක මහතා ඒ ලියැවිල්ලට අස්සන් තැබුවේ.”

අශාන් ප්‍රනාන්දු මහතා අදහස් දැක්වූයේ එසේය.

කෙසේ වෙතත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය එස්.බී. දිසානායක මහතා පිළිබඳ තීන්දුව ලබාදෙන විට ඒ මහතාට ජනාධිපති සමාව ලැබී තිබිණි. එබැවින් එම තීන්දු මෙරටදී ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පූර්වාදර්ශයක් ඒ හරහා ලැබී නැත. එමෙන්ම විදෙස්ගත නඩු තීන්දු මෙරටට බලනොපාන බවද එක් අවස්ථාවක අධිකරණය විසින් තීන්දු කර ඇත. එබැවින් ජීනීවා ගියද එම තීරණය හරහා රාමනායක මහතාගේ දඬුවම වෙනස් කළ හැකි වේදැයි යන්නද ප්‍රශ්නයක් වී ඇත.

මේ ආකාරයට රන්ජන් අස්සන් තැබූ සමාව ඉල්ලීමේ ලියැවිල්ල පසුගිය සඳුදා නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා විසින් විපක්ෂ නායකවරයා වෙත භාරදීමට පියවර ගත්තේය. ඒ වන විට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම පැවැත්වෙමින් තිබූ අතර, විපක්ෂ නායකවරයා එම රැස්වීම අතරතුරදීම නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා කැඳවා අදාළ ලිපිය භාරගැනීමට පියවර ගත්තේය. එමෙන්ම නීතිවේදීන් හරහා එම ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබෙන්නට සලස්වන බවද විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේය.

අශාන් ප්‍රනාන්දු මහතා පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන් ලියැවිල්ල හරහා රාමනායක මහතාට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි යන සුබවාදී බලාපොරොත්තුව තමන් සතු බවය. රන්ජන් රාමනායක මහතා තුළද එම බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඇති බවට සැකයක් නැත. එම බලාපොරොත්තුව සඵල කරනවාද නැද්ද යන්න ඉදිරියේදී ජනාධිපතිවරයා තීරණය කරනු ඇත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

‘මං පොර’ මානසිකත්වය එපා: රටට ඇත්ත කියන්න: ආණ්ඩුවට අභියෝගයක් (VIDEO)

Next Post

චීන ආරක්ෂක ඇමැතිට එරෙහිව හෝන් ගහපු එඩිතර කොල්ලා සමාව ඉල්ලුවේ කාගේ හරි බලපෑමකින්ද?

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.