• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනෙට ලංකාවෙන් ගිය හදිසි ගුවන් යානය (රාජ්‍ය රහස්)

November 10, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 1 min read
A A
සජිත් පස්සේ ගිහින් රනිල් මහින්ද ගැන කියපු කතාව (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

මෙවර අප තවත් රහසක් රාජ්‍ය රහස් තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම්ය. ඒ මුල්ලේරියාව රෝහලේ පැවැති පී.සී.ආර්. යන්ත්‍රය බිඳවැටීම සම්බන්ධයෙන්ය. චීන පරිත්‍යාගයක් ලෙස ලැබී තිබූ මෙම පී.සී.ආර්. යන්ත්‍රය කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමඟ විශාල වශයෙන් ප්‍රයෝජනයට ගත් අතර පසුගිය සතියේ මේ යන්ත්‍රය ක්‍රියාවිරහිත වීමත් සමඟ පී.සී.ආර්. කිරීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයකට මුහුණදීමට ආණ්ඩුවට සිදුවිය. ඒ අනුව රට ඇතුළේ බරපතළ ප්‍රශ්නයක් මතුවූවා පමණක් නොව පී.සී.ආර්. පරීක්ෂණ පිළිබඳව කිසිවකුත් වග නොකියන තත්ත්වයක්ද මතුවන ආකාරයක් දැකගත හැකි විය.
ඒ අනුව මේ පිළිබඳව සියල්ලන්ම මුනිවත රකිද්දී එහි අවදානම හරියටම වටහාගෙන සිටි හමුදාවේ විශේෂ අංශයක් එම පී.සී.ආර්. යන්ත්‍රය යළි පණගන්වන මෙහෙයුමට අත තිබ්බේය. ඒ අනුව ඔවුන් මුල්ලේරියා රෝහලට ගොස් එම යන්ත්‍රය පිළිබඳව සොයා බලා එය නිෂ්පාදනය කරන ලද චීන සමාගමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සජීවීව අදහස් හුවමාරු කර ගැනීමට පියවර ගත්තත්, එය අලුත්වැඩියා කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා චීන තාක්ෂණවේදීන් මෙරටට ගෙන්වා ගැනීමටය. ඒ අනුව එම හමුදා අංශය සිය ප්‍රධානියාට මේ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුව හෙතෙම ඒ පිළිබඳව හමුදාපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත්තේය. හමුදාපතිවරයා එය ජනාධිපතිවරයා වෙත දැනුම්දීමෙන් පසු අවසානයේදී තීන්දු වූයේ අදාළ පී.සී.ආර්. යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වන හෙයින් කෙසේ හෝ චීන තාක්ෂණවේදීන් මෙරටට ගෙන්වා ගැනීමටය. ඒ අනුව මෙරට චීන තානාපති කාර්යාලය හා සාකච්ඡාවක් ආරම්භ වූ අතර ඔවුන් දැනුම් දී සිටියේ ඒ සම්බන්ධ චීන තාක්ෂණවේදීන් ලබාදීමට හැකියාව ඇතැයි කියාය. පසුව වහාම විශේෂ ගුවන් යානයක් චීනය බලා පිටත් කෙරුණු අතර, එමඟින් චීන තාක්ෂණවේදීන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගැනිණ. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අදාළ ගුවන් යානය එම චීන තාක්ෂණවේදීන් දෙදෙනා පමණක් රැගෙන මෙරටට පැමිණීමය.
ඒ අනුව ලංකාවට පැමිණි වහා ඔවුන් දෙදෙනා මුල්ලේරියාව රෝහලට ගොස් එම චීන පී.සී.ආර්. යන්ත්‍රය මුල සිට අගට පරීක්ෂා කර බැලීමට පියවර ගත්හ. එක දිගට පැය 10ක් පුරා යන්ත්‍රයේ තත්ත්වය පරීක්ෂා කළද එහි ඇති වැරැද්ද කුමක්ද කියා නිශ්චය කර ගැනීමට ඔවුනටද නොහැකි විය. ඒ අනුව ඔවුන්ට වැටහී ගියේ යන්ත්‍රයේ දෝෂයක් නොමැති බවත්, යන්ත්‍රය තබා ඇති මේසය සහ ආනතියේ ගැටලුවක් පවතින බවත්ය. ඒ අනුව එය නිසි අයුරින් සකස් කිරීමත් සමඟ පී.සී.ආර්. යන්ත්‍රය නැවැතත් සිය රාජකාරි ආරම්භ කරනු දැකගන්නට ලැබිණ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේ මාධ්‍ය තහනමක්

Next Post

විපක්ෂය කෙළින් වෙයි: පවිත්‍රාට විශ්වාසභංගයක් එයි

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.