පාර්ලිමේන්තුවේ රැස්විම් ආවරණය කිරීම තාවකාලිකව මාධ්‍යයට තහනම් කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තින්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය දා පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබීම හේතුකොට ගෙන මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව 12 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීම සහ අයවැය විවාදය මාධ්‍යයට තහනම් කිරීමටත්, අදාළ තොරතුරු පාර්ලිමේන්තු සජීවී විකාශය හරහා මාධ්‍යයට ලබා දීමටත් පියවර ගෙන ඇත.