• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනය ‘ජැක් මා’ ‘හයිජැක්’ කළාද?

January 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
චීනය ‘ජැක් මා’ ‘හයිජැක්’ කළාද?
Share on WhatsAppShare on Facebook

චීනය යනු අවුරුද්දේ දවස් 365 පුරාවටම ලොව පුරා කොතැනක හෝ කතාබහට ලක්වන දේශයකි. එසේම චීනය ලෝකයට ඇතුවත් බැරි, නැතුවත් බැරි රටක්ද වෙයි. දැනට දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවටද එය එසේමය. චීනය නොහොත් ‘මකරාගේ දේශය’ යනු අන්ත දුප්පත් මිනිසුන්ගේ දේශයක් මෙන්ම, මහා ධන කුවේරයන්ගේද තෝතැන්නක්ද වෙයි. චීනයේ එම දුගී ජනයා දහස් ගණනින් අප රටේ ඇති චීන සංවර්ධන ව්‍යාපෘතිවලද සේවය කරති.

එසේම චීනයේ සමහර මහා ධන කුවේරයෝ ලෝකයේ ධනවත් රටවල්වලට ගොස් කැසිනෝ ගසමින්ද සිටිති. එහෙත් මේ සුවිශේෂී ‘චීනා’ එලෙස මෝඩකම් කළ මිනිසකු නොවේ. බැලූ බැල්මට අපූරු පෙනුමක්ද ඇති ඔහු චීනය පමණක් නොව මුළු ලෝකයමද කණපිට හැරවූයේය. මේ දිනවලදීද ඔහු ගැන පැය 24 පුරාවටම කතා කෙරෙයි.

මේ අරුම, පුදුම ‘චීනා’ ලොවම හොඳින් හඳුනන ජැක් මා නමැති මිනිසාය. චීනයේ නොසැලී තිබෙන පර්වතයක් බඳු ඔහු, එම දේශයේ සිටින අංක එකේ මහා ධන කුවේරයාය. ඔහු කෝටිපතියකු නොව බිලියනපතියකු වෙයි. ලෝකයේ සිටින ධන කුවේරයන්ගේ ලැයිස්තුවේද ඔහුට 20 වැනි තැන හිමිව තිබෙයි. මෙම 2021 ජනවාරි මාසය වන විට ජැක් මාගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 63.1ක් වන අතර, 2020 ජූලි වන විට ඔහුගේ වත්කම තිබුණේ ඩොලර් බිලියන 48.2කි. එනම් මාස 07ක කෙටි කාලයට ඔහුගේ වත්කම් ඩොලර් බිලියන 15කින් පමණ ඉහළ ගොස් ඇත. මෙලෙස කෙටි කාලයක් තුළ වත්කම් ඉහළ යන ධන කුවේරයන් ලෝකයේ සිටින්නේ අල්ප වශයෙනි. ජැක් මාට මෙලෙස වාසනාව හිමිවන්නට සුවිශේෂී වූ කරුණක් ඇත. එනම් ලොව අංක එකේ අන්තර්ජාල ‘ඊ-වාණිජ’වෙළෙඳ සංවිධානය වන ‘අලිබබා’ ආයතනයේ හිමිකරු සහ නිර්මාතෘවරයාද වන්නේ ඔහුය. ඒ මඟින් ඔහුට හිමිවන ධනය අසීමිතය. එහෙත් ඔහු කියන්නේ ධනය ව්‍යාපාර කටයුතුවලට යොදවනවා මෙන්ම, මහජන සුබසාධනය උදෙසාද යොදවන බවයි. එලෙස ජීවිතය ගතකරන මෙම අපූරු මිනිසා ගැන අද අසන්නට ලැබෙන අලුත් කතාව කුමක්ද?
චීනය යනු ඉතාමත් බලගතු එමෙන්ම දරදඬු කොමියුනිස්ට් පරිපාලනයක් ඇති රටකි. චීනයේ කොමියුනිස්ට් පක්‍ෂයේ මෙන්ම, චීනයේ උත්තරීතර නායකයා වන්නේද වත්මන් ජනාධිපති ෂී ජින් පින්ය. පොදු සමාජයට එතරම් නොපෙන්වන, එහෙත් ඉතාමත් දරදඬු පාලනයක් ඔහු විසින් ගෙන යන්නේ යැයි ලෝක දේශපාලන විචාරකයෝ කියා සිටිති. කෙසේ හෝ මෙවන් වටාපිටාවකදී අප මෙහිදී කතා කරන චීනයේ අංක එකේ ධන කුවේරයා වන ජැක් මා ද එම චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රබල සාමාජිකයකු වෙයි. එසේම ඔහු ප්‍රබල චීන දේශපාලකයන්ද ඇසුරු කරන අතර, එම පක්‍ෂයේ ප්‍රධාන රැස්වීම් සඳහාද සහභාගි වෙයි. මෙවැනි තත්ත්වයක් ගතවෙමින් තිබියදී පසුගිය 2020 අවසාන සමයේදී පමණ ජැක් මා විසින් චීනයේ වත්මන් මූල්‍ය නියාමන පද්ධතිය විවේචනය කිරීම සිදුකරන්නට ගත්තේය. එසේ ඔහු සිදුකළේ චීනයේ වත්මන් පරිපාලනය විසින් සිදුකරන යම් අගතිගාමී මූල්‍යමය ක්‍රමවේදයන් හරහා චීනයේ ආර්ථිකය යම් තත්ත්වයකට කඩාවැටීම හේතු සාධක කරගෙනය. එයට අනතුරු හැඟවීමක් ලෙස ජැක් මා විසින් චීන පරිපාලකයන් ඉතා තදින් විවේචනයට ලක්කළේය. ජැක් මාගේ මෙම ප්‍රබල විවේචනය අවස්ථා කිහිපයකදී සිදුකෙරුණු අතර, එමඟින් චීන නායකත්වය සහ අනෙකුත් පරිපාලකයන් දැඩි අපහසුතාවකට පත්විය.

චීනයේ කොමියුනිස්ට් ඒකාධිපති පරිපාලනය බොහෝ විට චීන ජාතිකයෝ විවේචනය කරන්නේ නැති අතර, එසේ කිරීමට බියවෙති. පසුගිය කාලයේ චීන රජය විසින් කොරෝනා වසංගතය සහ රජයේ ක්‍රියාකලාපය ගැන විවේචනය කළ විවිධ තරාතිරමේ පුද්ගලයන් රැසකට දඬුවම් පැමිණ වූයේය. වෛiවරුන් සහ මාධ්‍යවේදීන්ට පවා දඬුවම් පැමිණවූ අතර, පසුගියදා එක් චීන මාධ්‍යවේදිනියකට සිරදඬුවම්ද පැමිණවූයේය. එම සිර දඬුවම වසර 4ක් වූ එකක් විය. එසේම කොරෝනා වසංගතයේදී චීන රජයට එරෙහිව පුවත් පළකළ මාධ්‍යවේදීන් දෙදෙනකු තවද ආගිය අතක් නැත. ඔවුන් අතුරුදන්ව දැනට මාස 08ක් පමණ ගතවී ඇති අතර, කිසිදු තොරතුරක්ද නැත. මේ ආකාරයට චීන රජයේ පරිපාලනය ඉතා කෲර විය. දැන් එසේ නම් චීනයේ අංක එකේ ධන කුවේරයා විසින් චීන පරිපාලනය දෝෂාරෝපණය කළ විට සිදුව ඇත්තේ කුමක්ද? අද වත්මන් ලෝකය කතා කරන්නේ මෙම කතාබහයි. මෙය දැන් සැබෑ ලෙසම විස්මය දනවන කතාබහක් බවටද පත්වී ඇත. එනම් චීන ජාතික ජැක් මා විසින් චීන රජය විවේචනයට ලක්කර දැනට මාස 2ක් පමණ ගතවී ඇති අතර, ඉන් පසුව සිට මේතාක් දක්වා ජැක් මා ගැන නිසි සාමාජයීය වගතුගක් දැනගන්නට නොමැති වී ඇත.
මෙම තත්ත්වය දැන් සැබෑ ලෙසම මුළුමහත් ලෝකයම ආන්දෝලනයකට පත්කර ඇත. චීන රජය කාලයක් පුරා අනෙකුත් විවිධ විවේචකයන්ට දඬුවම් දුන්නා මෙන් ජැක් මාටද දඬුවම් පමුණුවා ඇතිද? ජැක් මා බොහෝ විට ජීවත් වන්නේ චීනයේ සහ හොංකොං රටෙහි වන අතර, ලෝකයේ අනෙකුත් බොහෝ බටහිර රටවල් සහ ආසියාතික රටවල්වලටද ඔහු සංචාරය කරයි. එහෙත් මේ කිසිදු රටකින්වත් මේ වන විට ජැක් මා ගැන කිසිදු තොරතුරක් නැත. ඔහුගේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය තුළින් හෝ ඔහුගේ පවුල් ක්‍ෂේත්‍රය තුළින් හෝ මේ වන විට කිසිදු සාමාන්‍ය පුවතක් හෝ අසන්නට නැත. නොයෙකුත් තීව්‍ර ගවේෂණයන් සිදුකරන දක්‍ෂ මාධ්‍යවේදීන්ට පවා ඔහු ගැන කිසිදු හෝඩුවාවක් දැනගන්නට නැත. මාධ්‍ය ආයතන රැසක්ම නිරුත්තර තත්ත්වයකට පත්වී ඇති අතර, දෙස්-විදෙස් මාධ්‍යවේදීන්ට ලියන්නට කිසිදු පුවතක්ද නැත. එසේ නම් ජැක් මා සැබෑ ලෙසම අතුරුදන්වී ඇති තත්ත්වයකට මේ වන විට පත්ව තිබෙයි. කොරෝනා ගැන විවේචනය කළ මාධ්‍යවේදීන් චීන රජය විසින් අතුරුදන් කළා මෙන්, මෙම ධන කුවේරයාද අතුරුදන් කිරීමට චීන රජය කටයුතු කළාද? එසේත් නැතිනම් ඔහු අල්ලාගෙන කොතැනක හෝ සිරකර තබාගෙන සිටින්නෙහිද?

කෙසේ හෝ ධන කුවේර ජැක් මා විසින් චීන පාලකයන් දැඩි ලෙස විවේචනය කිරීමෙන් පසු චීන රජයද අහක බලාගෙන සිට නැත. එනම් එම සිදුවීම්වලින් පසුව පසුගිය මාස 2ක් පුරා චීන රජය විසින් ජැක් මාගේ සමහර ව්‍යාපාරවලට විවිධ බාධා සහ තහංචි පැමිණවීම පටන්ගෙන ඇත. ජැක් මා විසින් දශක කිහිපයක් පුරා ගොඩනඟාගෙන ඇති ව්‍යාපාරික අධිකාරිය බිඳහෙළීමට චීන රජය කූට උත්සාහයක නිරතව සිටියි. මේ අතර, විවිධ අභූත චෝදනා නඟමින් ජැක් මා සතු ව්‍යාපාර ගැන විවිධ පරීක්‍ෂණ සිදුකිරීමටද චීන රජය පටන්ගෙන ඇත. එසේම ඔහුගේ සමහර සමාගම්වල කොටස් නිකුතුවන් පවා තහනම් කිරීමට කටයුතු කර ඇත. මේ තත්ත්වය යටතේ ජැක් මා මේ දිනවල යම් අපහසුතාවයකට සහ කලකිරීමකටද පත්ව ඇත.

එහෙත් ඔහු කිසිවිටෙකවත් චීන රජයේ මර්දන හේතුවෙන් අධෛර්යයට පත්වන පුද්ගලයකුද නොවන බැව් සමහර පාර්ශ්ව ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ මේ වන විට තවත් පුවතක් ප්‍රචාරය වන්නේ චීන රජය විසින් ජැක් මා නිවාස අඩස්සියේ තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බැව්ය. එහෙත් එය අසත්‍යයක් යැයි මාධ්‍ය කිහිපයක පුවත්වලින් ප්‍රකාශ විය.
කෙසේ හෝ රාජ්‍ය හමුදා බලයක් යොදවමින් විනා ජැක් මා ලෙහෙසියෙන් යමෙකුට අල්ලා ගැනීමට හැකි පුද්ගලයකුද නොවේ. එසේ වන්නේ ඔහු වටා ආරක්‍ෂකයන් රැසක් සිටින හෙයිනි. ඔහුගේ ප්‍රධාන ආරක්‍ෂකයා වන ලී ටියාන්ජින් නමැති පුද්ගලයා චීන ආත්මාරක්‍ෂක සටන් කලාවක් වන ‘තායි චී’ හී ප්‍රවීණයකු මෙන්ම, විශාරද ගුරුවරයකුද වෙයි. බොහෝ ඡායාරූපවල ඔහු ජැක් මා අසලින්ම සිටින ආකාරය දැකිය හැකිය. කෙසේ හෝ මේ වන විට ලැබෙන අලුත් පුවත්වලින් හෙළිවී ඇත්තේ, ජැක් මා තමන් විසින්ම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සමාජයට විවෘතවී නොසිටින බැව්ය. දැනට 56 වැනි වියෙහි පසුවන ජැක් මා මේ වන විට චීනයේ තැන්ග්ෂූ නගරයේ තමන්ගේ ‘අලි බබා’ ව්‍යාපාරයේ මූලස්ථානය පිහිටි පරිශ්‍රයේ සිටින්නේ යැයි යම් පුවත් අනාවරණය වී ඇත. එහෙත් එය ස්ථිර ලෙස තහවුරු කරන ලද පුවතක් නොවේ. කෙසේ වෙතත් ජැක් මාගේ ප්‍රබල රාජ්‍ය විවේචනය චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින් පින් දැඩි ලෙස කෝපයට පත්කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වෙයි. නිතර සිනාමුසු මුහුණින් සිටින චීන ජනාධිපතිවරයා ‘හොඳට හොඳ එමෙන්ම හොඳටත් නරක’ අරුම පුදුම පාලකයෙක් වෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

වනසිංහට විධායක ජෙනරාල් තනතුර

Next Post

බරපතළ වැඩ ඇතිව රන්ජන් අවුරුදු 4ක් හිරේ

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.