චීනයේ මේ වනවිට තුන්වන කොරෝනා රැල්ලද මතුව ඇති අතර ගතවූ පැය 24 ඇතුළත එරටින් රෝගීන් 100කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
මේ හේතුව මත පසුගිය සතිය වනවිට තවත් නගර කිහිපයක්ම වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබිණ.
එරටින් කොරෝනා ආසාදිත රෝගීන් 100කට අධික සංඛ්‍යාවක් එක් දිනක් තුළ මෙසේ වාර්තා වී ඇත්තේ ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කර සිටියේ ගතවූ පැය 24 තුලදී වෙරටින් නව කොරෝනා රෝගීන් 101 දෙනෙකු වාර්තා වූ බවයි.
මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 98 දෙනෙකු සමාජ සම්ප්‍රේෂණ රෝගීන් වන අතර ඉන් 89 දෙනෙකු Xinjiang දිස්ත්‍රික්කයෙන් ද, බීජිං අගනුවරින් එක් රෝගියෙක්ද වාර්තා වී ඇත. තවත් රෝගීන් 08 දෙනෙකු වාර්තා වුයේ Liaoning පළාතෙනි.
මෙලෙස වාර්තා වූ රෝගීන්ගෙන් 27 දෙනෙකු කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන අයවළුන් බවද චීන ජාතික සෞඛ්‍ය කොමිසම තවදුරටත් සඳහන් කළේය.










