• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යහපාලනය දිගටම තිබ්බා නම් සිද්ධ වන දේ මහින්ද කොළඹදී කියයි

July 29, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
යහපාලනය දිගටම තිබ්බා නම් සිද්ධ වන දේ මහින්ද කොළඹදී කියයි
Share on WhatsAppShare on Facebook

රජයේ දේපළ හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් එකඟතා අත්සන් කිරීමට පෙර එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය ආකාරයට නීති සකසන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (29) පෙරවරුවේ කොළඹ පැවැති වෘත්තීයවේදීන්ගේ හමුවට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

මේ වෙනකොට අපේ රටේ කොවිඩ්-19 පැතිරීම වළක්වන්න ජනාධිපතිතුමා ප්‍රමුඛ කාර්ය සාධක බළකාය හා සෞඛ්‍ය අංශ සාර්ථක ක්‍රමවේදයක් ස්ථාපිත කරලා තියෙනවා.

මේ කතා කරන මොහොතෙත් ලංකාවට එන හැම ගුවන් යානයකම කොවිඩ්-19 රෝගීන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා. මේ නිසා ලංකාවෙත් නැවත රෝගීන් මතුවෙන්න පුලුවන්. නමුත් අපේ කොවිඩ් -19 මර්දන ක්‍රමවේදය යොදවලා ඕනම තත්ත්වයක් පාලනය කරගන්න පුලුවන් බව ඔප්පු කරලා ඉවරයි. ඒක අපි ලබපු සුවිශේෂ ජයග්‍රහණයක්. 

කොවිඩ් -19 වසංගතය ලංකාවට එනකොටත් යහපාලන ආණ්ඩුවේ වැඩ නිසා ලංකාවේ ආර්ථිකය බිමටම සමතලා වෙලා තිබුණෙ. 2015 යහපාලන ආණ්ඩුව බලයට එනකොට තිබුණු සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 2019 අවසන් වෙනකොට තුනෙන් පංගුවකට අඩුවෙලා තිබුණා. රටේ සමස්ත ණය බර 74% කින් වැඩිවෙලා තිබුණා. යහපාලන ආණ්ඩුවේ අවුරුදු 4 ½ ඇතුලත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඩ් නිකුත් කිරීමෙන් විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 18 කට වඩා වැඩියෙන් විදේශ විනිමය ණය අරගෙන තිබුණා. රුපියලේ වටිනාකම 40%කින් පහත බැහැල තිබුණ. මේ ආර්ථික පරිහානියට කිසිම ජාත්‍යන්තර හේතුවක් තිබුණෙ නැහැ.

ඒ කාලය තුළ, අමෙරිකාව, ජර්මනිය, ඉන්දියාව, බංගලාදේශය වේගයෙන් ඉදිරියට ගියා. ලංකාව විතරයි ආර්ථික වශයෙන් පිරිහුනේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ ආර්ථිකය කබලෙන් ලිපට වැටුණා. පසුගිය නොවැම්බර් මාසේ අපි බලය ගත්තා ගමන්ම අපිට සිද්ධවුණා, බදු බර අඩු කරලා පොලී අනුපාත අඩු කරලා ආර්ථිකයට සේලයින් දෙන්න. ඒ අවස්ථාවේ තමයි කොවිඩ් -19 වසංගතය ලංකාවට ආවේ. ඒ නිසා අපිට මුහුණ දෙන්න වුණ අභියෝගය සුළුපටු නැහැ.

යහපාලන ආණ්ඩුවෙන් කරපු දේවල් නිවැරදි කරන්න ලේසියෙන් බැහැ. ඒගොල්ලො බලය ගත්ත ගමන්ම චීන ව්‍යාපෘති ඔක්කොම නැවැත්තුවා. චින වරාය නගරය ඉදිකිරිම් පවා නතර කළා. චීන ආයෝජන ලබා ගන්න බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල් පවා පොරකද්දි ලංකාවෙ චීන ආයෝජන වලට ඒ විදියට සළකපු එකෙන් සියලුම විදේශ අයෝජකයන්ට ගියේ බොහොම වැරදි පණිවුඩයක්. ඒ විතරක් නොවෙයි හම්බන්තොට වරාය ඉදි කරන්න ගත්ත ඩොලර් මිලියන 1,300ක ණය ගෙවන්න බැරි නිසා හම්බන්තොට වරාය චීනයට අවුරුදු 200 කට බදු දෙනවd කියලා ලෝකයටම කියපු එකෙනුත් ලංකාව ගැන සම්පූර්ණයෙන්ම වැරදි චිත්‍රයක් ආයෝජකයන්ට ගියා. හම්බන්තොට වරාය විකිණුවේ ඒකට නෙවෙයි. සමහරුන්ගේ සාක්කුත් ඒකෙන් පුරවා ගත්තා.

යහපාලන ආණ්ඩුව පරිභෝජනයට විතරක් ගත්ත වාණිජ ණයවල හැටියට ඩොලර් මිලියන 1300ක් කියන්නේ සොච්චමක්. 2019 අවුරුද්දේ විතරක් යහපාලන ආණ්ඩුව සවරින් බොන්ඩ් දෙකකින් ඩොලර් මිලියන 4,500ක ණයක් ගත්තා. ඒ මගේ ආණ්ඩුව හම්බන්තොට වරායේ අදියර දෙකම, නොරොච්චෝලේ බලාගාරයේ අදියර තුනම, කොළඹ මාතර අධිවේගී මාර්ගය, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, මත්තල ගුවන්තොටුපොළ, උමා ඔය ව්‍යාපෘතිය කියන සියලුම ව්‍යාපෘතිවලට ගත්ත ණයටත් වඩා වැඩි ගාණක්.

නමුත් යහපාලන ආණ්ඩුව ගත්ත ණයවලින් කරපු දෙයක් නෑ. හම්බන්තොට වරාය චීනය දීපු නිසා, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න යහපාලකයෝ එකඟතා අත්සන් කරලා. ඒගොල්ලෝ තව වතාවක් බලයේ හිටියානම් මේ රටේ මොනවත් ඉතුරු වෙන්නේ නෑ. රජයේ දේපළ හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් එකඟතා අත්සන් කරන්න කලින් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන නීති අපි හඳුන්වලා දෙනවා. කොහොම හරි අපට අද සිද්දවෙලා තියෙන්නෙ ඉතුරුවෙලා තියෙන සුන්බුන් ටික එකතු කරගෙන රට ඉස්සරහට ගෙනියන එක.

1977 දී විවෘත ආර්ථිකය හඳුන්වල දීලා අවුරුදු 40කට පස්සේත් මේ රටට අලුත් ආදායම් මාර්ග කියලා ඇති වුණේ විදේශීය ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් හා ඇඟළුම් කර්මාන්තය විතරයි. ඒ විදියට දිගටම යන්න බෑ. 2009 යුද්දෙ ඉවරවුණායින් පස්සෙ අපි මේ රටේ ආර්ථිකය නව මානයකට ගෙනියන්න අලුත් ආදායම් මාර්ග හොයාගන්න සැලසුම් කළා. හම්බන්තොට වරාය හැදුවේ, කොළඹ වරාය නගරය හැදුවේ, මත්තල ගුවන්තොටුපල හැදුවේ, මේ සියල්ල එකිනෙකට සම්බන්ධ කරලා මහා මාර්ග හැදුවේ මේ රට ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට හරවන්න.

කොවිඩ් -19 වසංගතය නිසා ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ආර්ථිකය සංකෝචනය වෙනවා. කෙටි කාලීනව අපිට මුහුණදෙන්න වෙන අභියෝගය එයයි. අපි මීට කලිනුත් මේ වගේ අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. මම ජනාධිපති වුණායින් පස්සේ කොටි සංවිධානය යුද්ධය පටන් ගත්තා. ඊට පස්සේ 2007 ලෝක ආහාර අර්බුදය ආවා. 2008 දී 1930 ගණන්වලින් පස්සේ ලෝකයේ ඇති වෙච්ච දරුණුම ආර්ථික පසුබෑම ඇතිවුණා. එතන ඉඳලා සම්පූර්ණ අවුරුදු හතරක් තිස්සේ ලෝක තෙල් මිල කවදාවත් නැති තරම් ඉහළ ගියා. එක අවස්ථාවක තෙල් බැරලය ඇමරිකන් ඩොලර් 140 දක්වා වැඩි වුණා.

එදා ඒ සියලුම අභියෝග මධ්‍යයේ අපි යුද්ධයත් දිනලා මේ රටේ විශාල ආර්ථික දියුණුවක් ඇති කළා. 2006 – 2014 කාලයේ මේ රටේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර්වලින් ගණනය කළහම තුන් ගුණයකින් වැඩි වුණා. අද ඒ ආර්ථික ප්‍රාතිහාර්ය කරපු කණ්ඩායම අද නැවතත් බලයට ඇවිල්ලා ඉන්නවා. මේ රටේ හැම පුරවැසියෙක්ම දන්නවා කොවිඩ් -19 වසංගතය ලංකාවට එනකොට යහපාලකයෝ බලයේ හිටියා නම් මේ රටට මොකක්ද වෙන්නේ කියලා.

කොවිඩ්-19 වසංගතයත් සමඟ ලෝක ආර්ථිකයේ ඇතිවන වෙනස්කම් නිසා, යුද්ධ කාලයේ දී වගේම අපි දැන් නැවතත් අවතීර්ණ වෙලා තියෙන්නේ පාලකයන්ගේ දක්ෂතාවය මත පමණක් රටේ පැවැත්ම තීන්දු වන යුගයකට. 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය ජනාධිපති නොවුණා නම්, මේ රට අද විශාලා මහනුවරක් වෙලා. ඉදිරියේ එන අභියෝග ජයගන්න, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව උපරිම ලෙස ශක්තිමත් කරන්න සෑම ශ්‍රී ලාංකිකයකුම තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරයි කියලා මම හිතනවා. ජනාධිපති සමග වැඩ කළ හැකි ඔහුගේ පක්ෂය නියෝජනය කරන කණ්ඩායමකට බලය ලබා දෙන්න.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ඩීව්. ගුණසේකර මහතා ඇතුළු විද්වතුන් රැසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

චීනයේ තුන්වන කොරෝනා රැල්ලත් ඇරඹේ: පැය 24ට රෝගීන් 100 පනී

Next Post

රාජ්‍ය සේවය සුද්ද කරන බවට ගෝඨා සහතික වෙයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.