පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා රාජ්‍ය දේපොළ අවභාවිත කර ඇති බවට කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක එස්. එම්. මරික්කාර් මහතා මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණිලි කර තිබේ.
ඒ මහතා පෙන්වා දෙන්නේ ව්‍යාජ මුද්දරයක් ලෙස අපේක්ෂකයකුගේ ජායාරූප භාවිත කොට රාජ්‍ය සේවය පිණිසයි යනුවෙන් ලිපි යවා ඇති බවත්, තැපැල් ආදායම් වංචා කොට ඇති බවත්, පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයකින් තොරව ජනතාව අවුස්සන ලිපි ඒ හරහා යවා ඇති බවත්යය
කෙසේවෙතත් මීට පිළිතුරු ලබා දෙමින් විමල් වීරවංශ මහතාද පසුගිය දිනෙක අදහස් පළ කළේය.
“සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයේ කට්ටිය මැතිවරණ කොමිසමට ගිහිල්ලා පැමිණිල්ලක් දමලා, මම මුද්දරයක් ගැහුවා, කියලා. මම තැපැල් ඡන්දදායකයාට යැවීමට හදපු පත්‍රිකාව දැමීමට හදපු ලියුම් කවරයේ මුද්දරයක් වැනි පින්තූරයක් ඇඳ තිබුණා. එය බැලූ බැල්මට මුද්දරයක්. නමුත් පින්තූරයක්. මුද්දරයක් වෙනුවට පින්තූරයක් ඇඳ තිබෙන ලියුමක් තැපැල් ගාස්තු ගෙව්වා සේ සලකා තැපැල් දෙපාර්තමේන්තුව එය භාර ගන්නවාද? එහෙම තැපැල් මගින් ලියුම් යවන්න බැහැ, කියා කුඩා දරුවෙකුට වුවත් තේරෙනවා. මේ පැමිණිල්ල කරපු සමගි බලවේගයේ පිරිස කවදාවත් ලියුමක් තැපෑලේ යවා නැති පිරිසක් ද කියා මම දන්නේ නැහැ’ යනුවෙන් ඒ මහතා කියා සිටියේය.











