ගෝල්ෆේස් පිටියට පැමිණ සිටි ජනතාව අතර සිදු කරන ලද අහඹු ඇන්ටිජන් පරීක්ෂණයන්ගෙන් නව දෙනකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ වනවිට එම පිරිස රෝහල් කරා යොමු කිරීමටත්, ආශ්‍රිතයන් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමටත් පොලිසිය කටයුතු කොට ඇත.
මේ අතර බස්නාහිරින් පිටව යාමට ගිය 13 දෙනකුද ඇන්ටිජන් පරීක්ෂවලින් ආසාදියන් බවට හදුනාගෙන තිබේ.
ඉකුත් 18 වනදා සිට බස්නාහිර පළාතෙන් පිටව යන්නන් සම්බන්ධයෙන් සිදුකළ අහඹු ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයන් 74 දෙනකු සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.










