අද (19) සවස පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම කල්දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.
නව ආණ්ඩුවක් පිහිටුවීම සහ එහි ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මෙම පක්ෂ නායක හමුව කැදවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.
මෙම හමුවට සහභාගී වන ලෙසට ශ්‍රීලනිපයටද ආරාධනා කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් මෙම හමුව නොපැවැත්වෙන බව පසුව සියලුම පාර්ශ්වයන්ට දැනුම් දීමට ජනාධිපති කාර්යාලයෙන් පසුව කටයුතු කර තිබිණ.










