ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශන්කර් මහතා හදිසියේම අද (19) සවස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ විශේෂ පණිවුඩයක්ද රැගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට පැමිණියේය.
මෙහිදී ඉන්දීය විදේශ ඇමැතිවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ලබන 29 වැනි දින මෝඩි මහතා ජනාධිපතිවරයා මුණගැසීමට සූදානමින් සිටින බවකි.
ඒ අනුව ඉන්දීය අගමැතිවරයාගේ ආරාධනාව පිළිගැනීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇත.
මෙම හමුවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං මහතාද එක්ව සිටියේය.
මීට පෙර ඊයේ (18) දිනයේදී ජනාධිපතිවරයාගේ මුල්ම සංචාරය ඉන්දියාවට වන බව අප විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේය.