ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණය ඉලක්ක කොට රට වටා යන ගමනේදී ආණමඩුවේ සිදු වූ සිද්ධියක් මුල්කරගෙන සමාජ මාධ්‍ය ජාලාවන්හි ඉතා උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනත් නිශාන්ත මහතා ජනාධිපතිවරයා විසින් තමන් සිටි වාහනයෙන් බස්සවා තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ප්‍රියංකර ජයරත්න මහතාව තම වාහනයට නංවා ගැනීම පිළිබඳව විවිධ මත පළ වෙමින් තිබේ.
ජනාධිපතිවරයාගේ වාහනයෙන් සනත් නිශාන්ත මහතාව වාහනයෙන් බැස්සවූ අවස්ථාවේ ප්‍රියංකර ජයරත්න මහතාගේ ආධාරකරුවන් ඔහුට හූ සංග්‍රහයක් ලබා දීමට අමතක නොකළේය.
සනත් නිශාන්ත මහතා අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ ඉකුත් සමයේදී වනජීවී නිලධාරිනියකට ප්‍රසිද්ධියේ බැන වැදීම සම්බන්ධයෙන්ද කිසියම් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව තිබිණි.











