• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑස් ලිපේ ගිනි රස්නෙට මුළු ලෝකෙම ඇවිළුණේ..!
සුර ලෝකෙට කැඳවා යන සහපිරිවර පැමිණුනේ…!

December 22, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෑස් ලිපේ ගිනි රස්නෙට මුළු ලෝකෙම ඇවිළුණේ..!  සුර ලෝකෙට කැඳවා යන සහපිරිවර පැමිණුනේ…!
Share on WhatsAppShare on Facebook

මේ රටේ මිනිස්සු උදේට නැඟිටලා ළිප පත්තුකරන්න කුස්සියට යන්නේ අද අපේ ගෑස් ළිප ගිනිගනීදෝ යන බියජනක හැඟීමත් එක්ක. තාමත් විසඳුමක් නොලැබුණු මේ ගෑස් ප්‍රශ්නයට වන්දි ගෙවන්න සිදුවෙන්නේ අහිංසක ජීවිතවලින්. මේ පිපිරීම්වලට හේතුව මොකක්ද කියලා තාමත් නිවැරැදිව සොයාගෙන නැහැ. ඊට ප්‍රතිකර්මයක් හෝ ක්‍රියාමාර්ගයක් තවත් නැහැ. අදාළ ගෑස් සමාගම්වත් මේ වෙනුවෙන් කතාකරන්නෙ නැහැ. දරුවෝ හතරදෙනෙක් ඉන්න අහිංසක අම්මා කෙනෙක්ට පසුගියදා තම ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුණේ මේ හින්දයි. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා මාතලේ විල්ගමුව නිවෙසේ සිට මහනුවර කුණ්ඩසාලේ කුලී නිවෙසට ගිය 52 හැවිරිදි අශෝකා ප්‍රියංගනීට ආපසු තම නිවෙසට පැමිණිමට සිදුවුණේ තම ජීවිතය ගෑස් මාරයාට බිලිදෙමින්. ඇය පසුගිය පළමු වැනිදා කුණ්ඩසාලේ කුලි නිවෙසේ තිබූ ගෑස් උදුන දැල්වූයේ උදෑසන ආහාර සැකසීමේ අරමුණෙන්. එහෙත් ගෑස් උදුන දල්වනවාත් සමගම උදුන පුපුරා ගොස් තිබුණේ ප්‍රියංගනීට බරපතළ තුවාල සිදුකරමින්.

එම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ප්‍රියංගනීගේ ස්වාමිපුරුෂයා දැක්වූයේ මෙවන් අදහසක්.

‘ගෑස් එක ඔන් කරනකොට එකපාරටම පුපුරලා තියෙනවා. ඊට පස්සේ විශාල ශබ්දයක් සමග කුස්සියේ ලොකු ගිනි ජාලාවක් ඇවිත් තිබුණා. ඒ සද්දෙට අපේ චූටි පුතාට ඇහැරිලා බලන්න ගිහින්. පුතා ඇතුළෙන් අත දාලා දොර ඇරලා අම්මා නැඟිට්ටවලා තියෙනවා. අම්මාව නැඟිට්ටෙව්වාට පස්සේ දනවා… දනවා… කියලා ඇවිදගෙන ඇවිත් මුහුණ වතුර දාලා සෝදගෙන තියෙනවා. ඊට පස්සේ වෛද්‍යවරයෙක් ළඟට එක්කන් ගිහින් තියෙනවා. තත්ත්වය බරපතළ නිසා ඒ වෛද්‍යවරයා ඇයව වෑන් එකක නංවාගෙන ගිහින් මහනුවර මහරෝහලට ඇතුළත් කරලා තියෙනවා. එතැනදී පැය හතරහමාරක ශෛල්‍යකර්මයක් කරලා මම යනකොටයි ඇයව එළියට ගත්තේ. මේ රජය ඇගේ මරණයට වගකියන්න ඕනේ. හැම ප්‍රශ්නයකින්ම ජනතාවට දුක වේදනාව විතරයි ඉතිරි කරන්නේ…’

‘මේ රටේ රජයක් තිබුණට අපි දකින්නේ පාර්ලිමේන්තුවෙ ඒගොල්ලො රණ්ඩු වෙනවා විතරයි. අද වෙනකන් මං හිතන්නේ මේ පිළිබඳව කිසිම කෙනෙක් වචනයක්වත් කිව්වේ නැහැ. අද වෙනකන් අපි ගොඩක් අසරණ වුණා. දරුවන් හතරදෙනා දැන් ඉන්නේ තැන් හතරක. මේ දරුවන්ට අම්මා නැති අඩුව හුඟක් දැනෙනවා. මම ලිට්රෝ සමාගමටත් රජයටත් විරුද්ධව දැනටමත් නඩු මඟට බහින්න කටයුතු කරලා තියෙන්නේ. මේ දරුවන්ගේ අම්මා දිවා රෑ නොබලා කටයුතු කළේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා පිට පළාතකට ගිහිල්ලා දරුවන්ගේ අනාගතය සුබදායක කරන්න ඇය කටයුතු කරමින් හිටියේ. අපිට දරුවන් ගැන විශාල බලාපොරොත්තු තිබුණු නිසා තමයි පිට පළාතකට ගියේ. ඒ සියල්ලම විනාශ වෙලා ගියා…’ හැඬූ කඳුළින් ඔහු පවසා සිටියා.

ගෑස් අනතුරින් තුවාල ලබා සිටි අශෝකා ප්‍රියංගනී මහත්මියව මහනුවර මහ රෝහලට ඇතුළත් කළත් ඇය දින 12ක් ගතකළේ දැඩිසත්කාර ඒකකයේ. ඇය ජීවත් කරවීමට රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු වෛද්‍යවරුන් ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක වුණා. දරුවන් සිවුදෙනකුට මවු සෙනෙහස අහිමි කරමින් පසුගිය දහවැනිදා ඇය ජීවිතයෙන් සමුගත්තා. ඇගේ අවසන් කටයුතු සිදුවුණේ පසුගිය 14 වැනිදා මාතලේ විල්ගමුව දේවගිරිය පොදු සුසාන භූමියේදියි. අවුරුදු තුනහමාරක ඇගේ සිඟිති දරුවා අම්මාගේ දේහය ‘වහන්න එපා, වහන්න එපා….’ යැයි හඬා වැලපුණේ තම අම්මාව තව මොහොතක් හෝ නිවෙසේ රඳවා ගැනීමේ බලාපොරොත්තුවෙන්. මේ සිදුවීම බොහෝ දෙනාගේ හදවත කම්පාවට පත්කළා. මේ පුංචි දියණියට තම අම්මා නැති අඩුව දරාගන්න අමාරුයි. කොහොම උහුලන්නද කියලා හිතාගන්නවත් බැහැ.

මේ සිදුවීමත් සමග විල්ගමුව ගමේ ජනතාව ප්‍රියංගනී මහත්මියගේ දේහය රැගෙන යන මාර්ගයේ රැස්වෙමින් ගෑස් සමාගමට එරෙහිව විරෝධතාවක නිරත වුණා. කෙසේ වෙතත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අනතුරට පත් කාන්තාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන බවයි. දරුවන්ගේ බඩගින්න නිවන්න කන්න ටිකක් හදලා දෙන්නයි ඒ අම්මා කුස්සියට ගියේ. අවුරුදු තුනහමාරක පුංචි දරුවකුගේ ඇස්වලින් වැටෙන කඳුළු, ඒ අසරණ මිනිස්සු විඳින වේදනාව මේ රටේ බලධාරීන්ට තේරෙන්නේ නැහැ. මේ ගෑස් ප්‍රශ්නවලට තවමත් ස්ථිර විසඳුමක් නැත්තේ ඒ නිසයි. මේ අම්මා උදේ නැගිටලා ගියේ තම දරු පැටවුන්ට කෑම උයන්නයි. ඒ අම්මා පිච්චුණු තුවාල එක්ක අවසන් හුස්ම හෙළනකන්ම තම දරුවන් ගැන දහස් වර හිතන්නට ඇති.

මේ ගෑස් මාරයා බිලිගත් එක් ජීවිතයක් පමණයි. මෙවැනිම ගෑස් අනතුරුවලින් තවත් සියගණනක් අහිංසක මිනිසුන් හෙට දවසෙත් මියයන්නට පුළුවන්. ඒ අනතුර නිසා අසරණ වුණේ අහිංසක දරුවන් හතරදෙනා සමග තනිවූ ස්වාමි පුරුෂයා විතරයි. ඒ අඩුව දැනෙන්නේ ඔවුන්ට විතරයි. අහිංසක දරුවන්ට නැතිවුණේ ආදරණීය අම්මා කෙනෙක්. ස්වාමි පුරුෂයාට ආදරණීය බිරියක් අහිමි වුණේ. අනතුරක් සිදුවුණාම මුදල් තියෙන මිනිසුන්ට පෞද්ගලික රෝහලකට ඇතුළත් වෙලා කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. ඒත් දුප්පත් අහිංසක මිනිස්සු ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්නෙත් ඉතාම අපහසුවෙන්.

දිගින් දිගටම සිදුවන මේ අනතුරු නිසා ජනතාව පත්ව ඇති අවදානම පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානය තවමත් යොමුවෙලා නැද්ද කියලයි අහන්න තියෙන්නේ. කමිටු පත්කරමින් වාර්තා කැඳවමින් ප්‍රශ්නය විසඳාගැනීම මේ විදියට කල් යවන්නේ ඇයි?

පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව භාරව සිටින අමාත්‍යවරයා මේ පිළිබඳ පැවසුවේ මෙවැනි කතාවක්.

‘ඔව් ඇත්ත. තාමත් පුපුරනවා. නවත්වගන්න බැරිව තිබෙනවා…’ යනුවෙනි.

ගෑස් සම්බන්ධව පත්කළ කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා පවසා සිටියේ, ගෑස් අනතුරු සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමාට භාරදීමට තවමත් වෙලාවක් ලබාදී නොමැති බවයි. මේ අනතුර වෙනත් රටක සිදුවුණා නම් අදාළ ආයතන පාරිභෝගික ජනතාවට වන්දි ගෙවලා, මේ වෙද්දි සිය තනතුරුවලින් ඉල්ලා අස්වෙලත් ඉවරයි. ඒත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ. රටේ තැනින් තැන ගෑස් පුපුරලා ජීවිත විනාශ වෙනවා. ඒ අනතුරුවල වගකීම භාරගන්න අපේ රටේ බලධාරීන් කිසිවකුත් ඉදිරිපත් වන බවක් පෙනෙන්නේ නැහැ.

මේ සිදුවීම්වල වගකීම දරන බලධාරින්ගෙන් අපි ඉල්ලා සිටින්නෙ වහාම ක්‍රියාත්මක වෙලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලයි. එහෙම නොකරනවා නම් ප්‍රියංගනී වැනි තවත් අම්මාවරුන්ගේ ජීවිත කොයි තරම් ප්‍රමාණයක් අකාලයේ විනාශ වේවිදැයි කාට නම් කියන්න හැකිද?

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

හොඳටම කඩේ යන අයට ආණ්ඩුවෙන් නත්තල් තෑගි! පළමු ‌ප්‍රාඩෝව තිස්ස කුට්ටි හිමි කරගනී!

Next Post

පොහොර රත්තරන් ගානට වැටෙයි! යූරියා මිටියක මිල පවුම් කාලකට සමාන වෙයි! ලබන අවුරුද්දේ සාගතයක්!

MORE NEWS

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

Load More
පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News
Heart

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

මේ දවස්වල ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළි නෙත්මි රොෂෙල් ගැන හැමෝම වගේ කතාබහ කරනවා. ඒ සුවිශේෂ කතාබහට හේතුපාඨ වෙලා තියෙන...

Read more
ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.