ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය නගර සභා පරිශ්‍රයෙන් පිටතට ගෙනයාමේ උත්සහයට විරෝධය පළ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (12) වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සංගම් නොසලකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ බලපෑම් මත ප්‍රතිපත්තිමය තීරණ ගැනීමෙන් අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වියහැකි බවකි.
“මේ තීරණය වෛද්‍යවරයෙක් සහ පළාත් පාලන ආයතනයේ උපසභාපතිවරයෙක් සමග ඇති වුණ වචන හුවමාරුවක ප්‍රතිඵලයක්. මේ පෞද්ගලික සිදුවීමට උත්තර හොයන්නේ නැතුව එකේ තියෙන ව්‍යුහාත්මක වෙනසක් කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස බලපෑම් කරලා අනවබෝධයෙන් සෞඛ්‍ය පරිපාලනය මේ සම්බන්ධයෙන් තීරණ අරගෙන පළාතේ සෞඛ්‍ය පිළිබඳ බලධාරීත්වය දරන පළාත් පාලන ආයතනය ප්‍රතික්ෂේප කරලා මුල්‍ය ප්‍රතිපාදන සපයන ආයතනය ප්‍රතික්ෂේප කරලා මේ කටයුත්ත කරන්න බෑ කියන මතේ අපි ඉන්නවා.“ යැයි උපුල් රෝහණ මහතා කීය.










