දීර්ඝ නිවාඩුව සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් ලබන 17 වනදා දක්වා විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දැනට ධාවනය වන සාමාන්‍ය දුර ගමන් දුම්රියන්ට අමතරව මෙම විශේෂ දුම්රිය ධාවනය එක් කර ඇති බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දික ඉඳිපොලගේ පැවසුවේ.
ඒ අනුව පෙරවරු 06 යි 30 ට සහ රාත්‍රී 07 යි 30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය දෙකක් 16 වන දින දක්වා ධාවනය කෙරෙනවා.
බදුල්ලෙන් කොළඹ කොටුව දක්වා දෛනිකව විශේෂ දුම්රිය දෙකක් ධාවනය කෙරෙන්නේ පෙරවරු 07 ට සහ පස්වරු 05 යි 20 ට බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
කොළඹ කොටුවේ සිට රාත්‍රී 07 යි 20 ට ගාල්ල දක්වා දුම්රියක් ලබන 15 සහ 16 යන දෙදින ධාවනය කෙරෙනවා. ගාල්ලේ සිට කොළඹ දක්වා පෙරවරු 06 යි 10 ට ලබන 16 සහ 17 යන දෙදින විශේෂ දුම්රියක් ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
මරදානෙන් පෙරවරු 06 යි 05 ට හෙට දිනයේ විශේෂ දුම්රියක් බෙලිඅත්ත බලා ධාවනය කෙරෙනවා. අනුරාධපුරයෙන් මධ්‍යහන 12 යි 30 ටද බෙලිඅත්ත බලා දුම්රියක් ධාවනය කෙරෙන්නේ ලබන 09 සහ 16 වන දෙදිනයි.
මේ අතර හෙට පස්වරු 03 යි 30 ට බෙලිඅත්තේ සිට මරදාන දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතයි.
ඊට අමතරව ලබන 08 වනදා සහ 15 වනදා පෙරවරු 07 යි 30 ට බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියක් ධාවනය කරන බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දික ඉඳිපොලගේ වැඩිදුරටත් පැවසුවේ.