මහින්ද දේශප්‍රිය මහතාගේ සීමා නිර්ණය කමිටුව මගින් ලබා දී ඇති වාර්තාව හරහා යළි ජාති ආගම් කුල බේද මතුවිය හැකි බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය ගැසට් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් මගින් මෙය අධ්‍යයනය කිරීමට පියවර ගන්නා ලෙසකි.