කොරෝනා වසංගතයට එරෙහිව ශ‍්‍රී ලංකා රජය දියත් කර තිබෙන මෙහෙයුම වෙනුවෙන්, රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කිරීමට ”අක්බාර් සහෝදරයෝ” තීරණය කර තිබේ.
මෙම මුදලෙන් රුපියල් මිලියන පනහක් හෙවත්, රුපියල් ලක්ෂ පන්සියයක්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අරඹන ලද සමාජ හා සෞඛ්‍ය ආරක්ෂණ අරමුදලට සෘජුව ම ලබා දී තිබේ.
ඊට අමතරව, හලාවත ප‍්‍රදේශය තුළ නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වන බව වාර්තා වේ.











