දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා අද (23) වැලිකඩ බන්ධනාගාරයට ගොස් එහි සිරකරුවන් හමුවීමට කටයුතු කොට ඇත.
ඒ, සුලු වැරදි සම්බන්ධයෙන් කුඩා දඩ මුදලක් හෝ ගෙවා ගැනීමට නොහැකිව සිරගතව සිටින සිරකරුවන් එකී දඩ මුදල් ගෙවා මුදා ගැනීම සදහාය.
ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ දිලිත් ජයවීර මහතා තබා තිබූ සටහන මෙසේය.
‘ඉතා කුඩා දඩයක් පවා ගෙවා ගැනීමට නොහැකිව සිරගත වුණු අපේ රටේ පුරවැසියන් වෙනුවෙන් යමක් කිරීමට මට අවස්ථාවක් උදාවුණා. බන්ධනාගාර පරිපාලන හා පුනරුත්තාපන කොමසාරිස් චන්දන ඒකනායක සහ HOPE ව්‍යාපෘති ප්‍රධානී මාලන් පෙරේරා මහතා සමඟ පැවති සාකච්ඡාවක දී සෑම මාසයකම සුළු දඩයක් ගෙවා ගැනීමට නොහැකිව සිරගත වී සිටින අපේ පුරවැසියන් සියදෙනෙක් නිදහස් කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මා එකඟතාවය පළ කළා. රුපියල් පන්දහසක් වැනි කුඩා මුදල ක දඩයක් ගෙවා ගැනීමට නොහැකිව වසරකට ආසන්න කාලයක් සිරගත වන ඔවුන්ගේ කතාව හරිම අනුවේදනීය යි.මෙම සිරකරුවන් තෝරාගනු ලබන්නේ බන්ධනාගාර කොමසාරිස් තුමාගේ දැඩි අධීක්ෂණය යටතේ නිසි ක්‍රියා පටිපාටියටයි.’